2025 අප්‍රේල් මස 22 ප.ව. 12:07 - {{hitsCtrl.values.hits}}
රණවිරු දූ දරුවන් තුන්සියයකට අධික පිරිසක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ‘සත්විරු අභිමන්’ උත්සවය මෙම මස 22 වැනි දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ‘DFCC’ බැංකුව මගින් රුපියල් මිලියන 7.5ක මූල්‍යමය දායකත්වයක් දක්වන අතර, මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (19දා) ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, සිවිල් ආරක්ෂක බළකා හා පොලීසිය, DFCC බැංකු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
සටහන/ඡායාරූප ඉසුරු පෙරේරා
![]() |
diary Read more... |