සතුන්ටත් ජලය නෑ වනාන්තරවලට බවුසර් මගින් ජලය

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:54 - {{hitsCtrl.values.hits}}  

දැඩි නියඟය හේතුවෙන් ජලය සොයාපැමිණෙන වනසතුන් ගම්වැදීම වැළැක්වීම  සඳහා ජාතික වනෝද්‍යානවලට බවුසර් මගින් ජලය සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකර ඇතැයි තිරසර සංවර්ධන අමාත්‍යාංශය කියයි.

යාල,උඩවලව,විල්පත්තුව,ලුණුගම්වෙහෙර,බූන්දල,කුමන,ගල්ඔය ඇතුළු ජාතික වනෝද්‍යාන රැසක මේ ආකාරයට ජලය සැපයීමේ කටයුතුසිදුකෙරේ.

මෙම ජාතික උද්‍යනවල පිහිටි පොකුණු හා වැව්වලට බවුසර් මගින් ජලය සැපයෙන බවත්, ඇතැම් ජාතික වනෝද්‍යානවලට සූර්ය ශක්තිය (සෝලා)මගින් ක්‍රියාත්මක ජල පොම්ප හරහා ගංගාවල ජලය ලබාදීමේ වැඩපිළිවෙළක්ද වේ.

දැනට පවතින නියඟය හේතුවෙන් ජලය සොයාඑන වනසතුන් ගම්වැදීමට ඉඩ තිබෙන නිසා ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි වනාන්තර අවට සිටින ජනයාගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

එසේ ගම්වදින වනසතුන් මරාදැමීමට කිසිවෙකු හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සූදානමින් සිටියි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...