2024 නොවැම්බර් මස 19 පෙ.ව. 01:19 - {{hitsCtrl.values.hits}}
පෞද්ගලික අභිමතාර්ථ හා ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මහජනතාව මෙහෙයවමින් මෙම අවස්ථාවේදී යම්කිසි පිරිසක් කටයුතු කරන බව පෙනීයන බවත්, ඒ බව තේරුම්ගෙන ජනතාව සන්සුන්ව කටයුතු කළ යුතු බවත් ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමිපාණෝ පැවසූහ.
"මේ අවාසනාවන්ත සිදුවීම සිදුවෙලා දවසක් දෙකක් ඇතුළත කාදිනල් තුමත්, මමත් අදහස් ප්‍රකාශ කළා. එය රටේ ජනතාව පිළිගෙන දවස් තුන හතරක් යනකන් සාමකාමීව කලබලකාරී නොවී සිදුවුණ දේ ගැන සිතමින් ජීවත්වුණා. එය ඉතාම වටිනාවා. ජනතාවගේ නිහඬ බව, ඉවසීම අපි බොහෝම අගය කළා. නමුත් දැන් මේ ප්‍රහාරය සිදුවී දවස් විස්සක් ඉක්මවා ගිහින් තියෙනවා.
ඇයි මේ සතියක් හමාරක් නිශ්ශබ්දව සිටි ජනතාවම ආයෙත් සැරයක් මේ තත්ත්වයට පත්වෙලා තියෙන්න හේතුව මොකක්ද? කවුරුහරි මොවුන්ව මෙහෙය වනවාද? සංවිධානාත්මකව මෙහෙය වනවාද? දේශපාලන කණ්ඩායම් මේ ජනතාව මෙහෙය වනවාද? පෞද්ගලික අභිමතාර්ත, පෞද්ගලික අපේක්ෂාවන් ඉටුකරගන්න යම්යම් සංවිධාන ජනතාව මෙහෙය වනවාද? අපට පසුගිය දින කිහිපයේ ප්‍රදේශ ගණනාවක යම්යම් සිද්ධි වාර්තා වුණා.
ජීවිතත් එකක් පමණ හානි වෙලා තියෙනවා කියලා අපට ආරංචි වෙනවා. මේවා සිදුවීම යටින් වෙනත් පිරිසක් ඉන්නවා. හැම සිදුවීමක් පිටුපසම අවාසනාවන්ත පිරිසක් ඉන්නවා. ඔවුන් පසුබිමේ ඉඳගෙන වෙනත් අභිමතාර්ථ, ලාභ ප්‍රයෝජන, පෞද්ගලික අපේක්ෂාවන් සඳහා ජනතාව මෙහෙය වනවා. එයින් සිදුවන්නේ ඉතාමත් නරක හා අවාසනාවන්ත ප්‍රතිඵල ඇති වීමයි. දැන් ඇති වී තිබෙන මේ තත්ත්වය ජනතාව තේරුම් අරන් සන්සුන්ව තැන්පත්ව නිදහසේ සාමකාමීව සිටිය යුතුයි. අපි මේ ගැන සෙවිය යුතුයි. කවුද මේවට මුල්වෙලා ඉන්නේ කියලා සෙවිය යුතුයි"
කාඩ්බෝඩ්වීරයන් වෙන්න එපා - අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ
දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් පාලනය කළ යුතු බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති. “ආරක්ෂක අංශවල මෙහෙයුම්වලට සහයෝගය අවශ්‍ය වේලාවක දේශපාලඥයින් තමන්ගේ ගෝල බාලයන් මෙම අස්ථාවේ පාලනය කරගත යුතුයි. ඉස්ලාමීය දේවස්ථාන වලට පහරදීම කඩ වලට පහරදීම තුළන් වීරයින් නොවී තමන්ව පාලනය කර ගන්න. මෙම අවස්ථාවේ කාඩ්බෝඩ් වීරයින් වෙන්නඑපා. ඉස්ලාම් ආගමිකයන්ගෙන් ඉල්ලන්නේ කලබල නොවී ඉවසිලිමත් වෙන්න. රටේ පොදු සංස්කෘතියට ඒකතු වන්න.”
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා දී ඇති බවත්ති නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියලු පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින පවසයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය
ජාත්‍යන්තර ත්රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු අපේ ආරක්ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුලූවන් වුණා. තත්වය පාලනය කර ගැනීමටත් ආරක්ෂක අංශවලට හැකි වුණා.
නමුත් රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි.
වයඹපළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා.
මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්ෂක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි.
මේ නිසා රට පුරා ඇදිරි නීතිය පනවන්නට රජය තීරණය කළා.
රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියලූ පියවර ගන්නවා.
ඒ නිසා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහ ආරක්ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා.
රටේ ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා කියයි.
වයඹ පළාතේ ඊයේ (13 වැනිදා) ඇතිවූ තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශේෂ ප්‍රකාශක් කළ යුද හමුදාපතිවරයා එසේ කියා සිටියේය
යුද හමුදාපති මහේෂ් සේනානායක
”වයඹ පළාතේදී ඊයේ සිදුවූ සිදුවීම් නිසා, (ඒ කියන්නේ හලාවතින් පටන්ගෙන කුළියාපිටිය, හෙට්ටිපොල සහ අනෙකුත් ප්‍රදේශ වලට පැතිරුණු සිදුවීම්) ඊයේ සවස ඇඳිරි නීතිය පනවන්න අපට සිද්ධ වුණා. දේපළවලට හානි කිරීමටත් විනාශයට පත්කිරීමටත් කිසියම් තරුණ පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.”
”මේ නිසා, දේපල හානි කිරීමට හෝ රජයේ හෝ ආරක්ෂක හමුදාවල අවවාද නොතකා හැරීමට කිසිවකු සූදානම් වෙනවා නම්, ඔවුන් මර්දනය කිරීම සඳහා උපරිම බලය යෙදීමට පියවර ගන්නා බව, යුද හමුදාපතිවරයා වශයෙන් මා මේ අවස්ථාවේදී අවවාද කර සිටිනවා.....මා නැවතත් කියා සිටින්නේ, හදිසි තත්ත්වය යටතේ පැවරී ඇති බලතල අනුව, ඔවුන් ග්‍රහණයට ගැනීමට, අත්අඩංගුවට ගැනීමට හෝ අවශ්‍ය වුවහොත් වෙඩි තැබීම දක්වා අවම බලයේ සිට උපරිම බලය යෙදවීමට පසුබට නොවන බවයි.
”රට නැවතත් උන්මන්තකයන්ගේ හෝ ත්රස්තවාදයේ ප්රචණ්ඩත්වය කරා යොමු වීම වැළැක්වීමට අපි අවශ්‍ය සියලූම පියවර ගන්නවා. කරුණාකර මෙම නීතිවිරෝධී කටයුතු සඳහා සම්බන්ධ නොවී සිටීමට ඔබ සියලූ දෙනාම වගබලාගන්න”
”එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරිමට සහ මැඬපැවැත්වීම සඳහා ආරක්ෂක හමුදා සියලූම බලය යොදවනවා. රටේ ඕනෑම පෙදෙසක ඇතිවිය හැකි ප්රචණ්ඩත්වය මර්දනය කිරීම සඳහා ආරක්ෂක හමුදා ඉතාමත් ශක්තිමත් ස්ථාවරයක සිටිනවා.”
”නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහාය වීම සඳහා අප මේ වන විටත් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා තිබෙනවා. මා, ඉතා ඕනෑකමින්, මේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ප්රචණ්ඩත්වය ඇති කිරීමෙන් ආරක්ෂක හමුදා සමඟ නොපැටලෙන ලෙසයි. එසේ වුවහොත් අපේ බලය පාවිච්චි කරන්න අපට සිද්ධ වෙනවා” යැයිද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඊයේ (13 - සඳුදා) විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රටේ සාමය බිඳ දමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂක අංශ වෙත පවරා දී තිබෙන බවයි. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්ෂක අංශ සියලූ පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ - වැඩබලන පොලිස්පති සී.ඞී වික්‍රමරත්න
නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන පොලිස්පති සී.ඞී වික්‍රමරත්න මහතා පැවසීය.
පොලිසිය ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසියේ දුර්වල කමක් සේ නොසිතන ලෙසත් එය එම අන්තවාදී කණ්ඩායම් වලට සිදුව ඇති විශාල වරදක් බවද වැඩබලන පොලිස්පතිවරය සඳහන් කළේය.
වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
බීමත්ව සිටි සුළු පිරිසක් කුලියාපිටිය හෙට්ටිපොළ ප්‍රදේශයේ වෙළෙඳ සැල් කිහිපයකට පහර දී තිබූ බවත් එය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බව වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.
එවැනි කි‍්‍රයා නතර වේවි යැයි සිතා සිටියද කුලියාපිටිය ප්‍රදේශයේ එවැනි කි‍්‍රයා කිහිපයක් වාර්තා වූ බවත් මේ තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වූ බවද සඳහන් කළේය.
මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කළ බවත් ඉතා සුළු අන්තවාදීන් පිරිසක් මේ ආකාරයේ හැසිරෙන බවට තොරතුරු හෙළි වූ බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.
වසර 30 පුරා පැවති ලෝකයේ දරුණුම ත්රස්වාදය විනාශ කිරීමට විශාල කාර්ය බාරයක් පොලිසිය සිදුකළ බවත් එවන් පොලිසියකට මේ සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත්‍රයක් පමණක් බවත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
2019 අපේ‍්‍රල් 21 දින ප්‍රහාරයෙන් පසුව මේ දක්වා සිදුකරන විමර්ශන සඳහා සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බහුතරයක් ජනතාව සහය වුයේ ජාති ආගම් භේද වලින් තොරව බවත් ඒ සඳහා අංශූ මාත්‍රයකින් හෝ සහය නොදැක් වූ ඉතා සුළු අන්තවාදීන් පිරිසක් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් හෙතෙම කියා සිටියේය.
මේ කී‍්‍රඩාව වහාම නතර කර යුතු බවද ඒ මහතා කීය.
මෙලෙස අන්තවාදී ලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මේ අවස්ථාවේ කියා සිටින්නේ තමන්ගේ ඥාතියාට හෝ හිතවතාට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන ලෙසත් එසේ නොවුන හොත් නීතිමය බලය යනු කුමක් ද යන්න මේ සුළු පිරිසට පෙන්වීමට ශි‍්‍ර ලංකා පොලිසියට සිදුවන බවත් වැඩබලන පොලිස්පති වික්‍රමරත්න මහතා කියා සිටියේය.
මෙම සිද්ධී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප හිමි නොවන බවත් වසර 10 ක කාලයක් සිරදඩුවම් විදීමට සිදු වන බවත් වැඩබලන පොලිසපතිවරය කියා සිටියේය.
එම නිසා මෙම සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නතර කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් තමා ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න - විපක්ෂ නායක
හිටපු ජනාධිපති විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.
‘‘ පසුගිය විසි එක්වැනි දා සාමකාමී ශ්‍රී ලාංකික රට වැසියන් ඉලක්ක කරගෙන අන්තවාදී ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර දාමය සමඟ අපගේ මාතෘභූමිය ඉතා බරපතළ තත්වයකට පත්ව තිබෙනවා. ගෙවුණු කාලය තුළ රාජ්‍ය බුද්ධි අංශ අඩපණ කිරීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තැබිය යුතු නිසි අවධානය නොමැතිව කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ මෙම අවාසනාවන්ත තත්වය උද්ගත වීමයි. ඒ හේතුකොටගෙන අද අපේ දරුවන් පාසැල් යෑමට පවා නොහැකි තත්වයකට අප රට පත්ව තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ද බොහෝ දුරට අඩාල වී තිබෙනවා. කිතුනු බැතිමතුන්ට දේවස්ථානය අහිමි වී තිබෙනවා, එමෙන්ම බොදුනු ජනතාවට වෙසක් උත්සවය අහිමි වී තිබෙනවා. රැකී රක්ෂා කරන ජනතාවට ජාත්‍යන්තර කම්කරු දිනය අහිමි උනා.
කොටි ත්රස්තවාදයට එරෙහිව සටන් වැදී වසර 30ක කාලයක් තුලදී වත් මෙබදු තත්වයකට අපේ රට පත් වුනේ නැහැ. මිත්‍රවරුනි,
කවර හේතු මත මේ තත්ත්වයට අපගේ රට ඇද වැටුණත් අප කවර අයුරින් හෝ මේ අභියෝගයට මුහුණ දී ජය ගත යුතුයි. ලොව බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකූ LTTE අභියෝගයට මුහුණ දී ජය ගත් අපට මේ අභියෝගය ජය ගැනීම අසීරු විය නොහැකියි. මේ සඳහා කෙටි කාලීන මෙන්ම මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් පියවර ගත යුතුව තිබෙනවා. මේ අන්තවාදී මනස නිර්මාණය කිරීමට ඉවහල් වූ සාධක නැතිකර දැමිය යුතුයි. සාමකාමී මුස්ලිම් ජනතාව පවා අසීරු ඉරණමකට ඇද දැමූ මේ ත්‍රස්තවාදය මුළුමනින්ම නැති කර දැමිය යුතුව තිබෙනවා. මුළු රටම එක නීතියක් යටතට ගෙන ජාතික ආරක්ෂාව මූලික කොටගත් ප්රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතුයි.
මේ මොහොතේ විශේෂයෙන්ම අපගේ තරුණයන්ගෙන් මා විශේෂ ඉල්ලීමක් කරනවා. 83 ජූලියේ මෙවැනිම ආකාරයෙන් එවකට පැවති ආණ්ඩුවේ අශිර්වාදයෙන් ආරම්භ වුන සිද්ධි කිහිපයක් නිසා අවුරුදු 30 ක යුද්ධයකට රට ඇද ගෙන ගියා.එම අමිහිරි අත්දැකීම් තවමත් අපේ මතකයේ තිබෙනවා. එම නිසා මේ මොහොතේ රජයක් වශයෙන් තම වගකීම පැහැරහැර ඇති මොහොතක නීතිය අතට ගෙන කටයුතු කරන්න එපා කියන ඉල්ලීම මා කරනවා. ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න. අසීරු වුවත් හැඟීම් පාලනය කරගන්න. අපි එකතු වී මෙම අන්තවාදය සහ ත්‍රස්තවාදය පරාජය කල යුතුයි. අප්‍රේල් 21 වන දින සිට මේ දක්වා මෙම අවාසනාවන්ත තත්වය දනුවත්කමින්ම තම වගකීම් ඉටු නොකල වර්තමාන ආණ්ඩුවේ නායකයන් ඇතුළු එයට අනුබල දුන් සියලු දෙනාටම අනාගතයේදී දඩුවම් දීම අපි අපගේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා.
ආරක්ෂාව පිළිබඳ විශ්වාසය නැත්තටම නැති තත්ත්වයකට පත් වී තිබෙන මේ අවස්ථාවේ සියළු ජාතීන් එකමුතුව ශක්තිමත්ව මේ අභියෝගයකට මුහුණ දිය යුතුයි. ඒ කොහොම වුණත් මේ ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින බලවේගයට වුවමනා වී ඇත්තේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ආරවුල් ඇති කිරීමයි. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම ක්‍රියාවට නංවනවා.
සමාජ මාධ්‍ය තහනම් කිරීම මගින් ජනතාව තුල අනිසි බියක් සහ සැකයක් මතුව තිබෙනවා.
එම නිසා මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කරන මෙන් මා ඉතා ඕනෑකමින් නැවතත් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබ කළ යුත්තේ මේ රට, මේ ඉරණමට ඇද වැට්ටූ වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම මිස, 1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදීමයි.
එබැවින් ඉවසීමෙන් ක්‍රියාකරන ලෙස මම යළිත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එය මේ රටේ අනාගත දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අප මත පැටවී තිබෙන අත්හල නොහැකි වගකීමක් . මේ අනාරක්ෂිත තත්ත්වය නැති කළ හැක්කේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පමණයි. මේ ඔබ අප සියලු දෙනාගේ මාතෘභූමියයි. ‘‘
ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසන්නේ අතීතයේ උගත් පාඩම් අනාගත පරම්පරාවටද ඉතිරි නොකරමු යනුවෙනි.
“අපිට අපේම කියලා රටක් විදියට තියෙන්නේ මේ පුංචි ශ්‍රී ලංකාව විතරයි. ප්රචණ්ඩත්වය තුළින් මේ රටේ ප්‍රශ්න ඇති වුණොත් එයින් දුර්වල වෙන්න ශ්‍රී ලාංකික අපිමයි. දශක ගණනාවක් හිංසනයන් විඳදරාගනිමින් එයින් පාඩම් උගත් අප, අපගේ අනාගත පරම්පරාවන්ටද එම විනාශකාරී අත්දැකීම් නැවතත් ඉතිරි නොකළ යුතුයි!”
ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන කුමාර් සංගක්කර පවසන්නේ දේශපාන න්‍යාය පත්රයන්ට හසුනොවී එක් ජාතියක් ලෙස කටයුතු කරමු යනුවෙනි.
"නවතින්න. හුස්මගන්න. හිතන්න. ඔබගේ ඇස් විවෘත කරන්න. අපි ප්‍රචණ්ඩත්වයට, වර්ගවාදයට, වෛරයට හා මැරකම්වලට පරාජය වුවහොත් අපිට අපේ රට අහිමිවෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස එකතුවන්න. සාමකාමීවන්න, අනෙකාව ආරක්ෂා කරන්න. ලැජ්ජානැති, බෙඳුණ දේශපාලන න්යායපත්රවලට හසුවෙන්න එපා. අපි භේදයන් ඉවත් කර එකට එක් ජාතියක් ලෙස නැගී සිටිමු."
ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරන්නේ දේශපාලන න්‍යාය පත්රයන්ට හසු නොවෙමු යනුවෙනි.
කවුරුන් හෝ නොසන්සුන්තාවන් ඇති කරයි නම් ඔහු අන්තවාදියෙක් බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රට පහළට දැමීම බවත් මහේල සඳහන් කරයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී ත්ත්තවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පවසන්නේ වර්ගවාදයෙන් ඉවත් වන ලෙසයි.
“ මේ අපේ රටයි. කරුණාකර අපේ ශ්‍රී ලංකාවට විනාශ කරන්න එපා. ඔබ එකිනෙකාට වෛරයෙන් කටයුතු කරන්නේ නම් අපි රටක් ලෙස කවදාවත් සංවර්ධනය වෙන්න බැරිවේවි.
ඔබගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න. අපේ අනාගතය රැඳී තිබෙන්නේ ඔබගේ වත්මන් ක්‍රියාකාරිත්වය අනුවයි. ආදරය පතුරවන්න. වර්ගවාදයට එරෙහිව රැඳී සිටින්න.”
සියලු දෙනාම එක්සත්ව කටයුතු කරන්න - එක්සත් ජාතීන්ගේ කාර්යාලය
ශ්‍රී ලංකාව තුළ එකමුතුව සහ ප්‍රජාවන් අතර විශ්වාසය නැවත ගොඩ නැගීමට කාලය එළැඹ ඇතැයි ද ඒ සඳහා දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සහ ප්‍රජා නායකයන් ඇතුළු සෑම සියලු දෙනාම එක්සත්ව කටයුතු කළ යුතු යැයි ද මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජාති ආගම් භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකිකයකුගේම ආරක්ෂාව සහ ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු යැයි ද එම කාර්යාලය කියයි.
මෙරටට ප්‍රදේශ කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඒ බව කියා සිටී.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාව තුළ වාර්ගික ප්රචණ්ඩ ක්‍රියා සහ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය කොළඹ කාර්යාලය ඒ සම්බන්ධයෙන් මහත් ඕනෑකමකින් සහ සැලකිල්ලෙන් පසුවන බවද එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ මෙසේ ද සඳහන්ව ඇත.
“ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ වත්මන් තත්ත්වය උග්‍ර අතට හැරීම වැළැක්විය යුතුයි. සියලු දෙනා එක්ව ප්රචණ්ඩ ක්‍රියා සිදු කළ ඉතා සුළු පිරිස සහ වෛරී ප්‍රකාශ කළ අයට අනුබල දුන් දේශපාලනඥයන්, ආගමික නායකයන් සහ අනෙකුත් නායකයන් හෙළා දැකිය යුතුයි.
තිරසර සාමය පවත්වාගෙන යෑම සඳහා එකමුතුව වෛරය ප්‍රතික්ෂේප කිරීමේ ඉතා වැදගත් සංධිස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ සිටී. රට අනාරක්ෂිත කරන සහ ප්රචණ්ඩත්වය අනුබල දෙන වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වැළැක්වීමට සෑම පුරවැසියකු සතුවම වගකීමක් තිබේ. වෛරී ප්‍රකාශ මගින් තවදුරටත් අසමඟිය ඇති කරන අතර දැනට තිබෙන නොසන්සුන්තාවට තවදුරටත් වැඩි කරමින් බිය ඇති කරනු ඇත.
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම සහ සෑම ප්රජාවකගේම අයිතිවාසිකම්වලට ගෞරව කරමින් සියලු දෙනාට සමානව සලකන්නැයි හදිසි නීතිය තම රාජකාරීවල ආරක්ෂක අංශවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටී. ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් සහ ඒවාට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.”
ඉවසීමෙන් කටයුතු කරන්නැයි උලමා සංවිධානය මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලයි
සමාජ .මාධ්‍යවල අනවසර දෑ ප්‍රචාරණය නොකරමින්, සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන්නැයි මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයියතුල්ලා උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
හලාවත ඇති වූ අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත් පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයෙන් පසු සියලු දෙනා දුක, කනගාටුව සහ ශෝකය බෙදාගැනීම අත්‍යවශයෙන්ම කළ යුතු බවත් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
බොහෝ දෙනා මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් සහ තරහෙන් බලන මොහොතක මුස්ලිම් ප්‍රජාව වෙනදාටත් වඩා තමන් කරන කියන දෑ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතු බව ද එම සංවිධානය සිය නිවේදනයෙන් මගින් ඉල්ලා සිටී.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |