සමෘද්ධි කැකුළු ළමා සමාජ ජාතික තරගාවලිය 22දා හා 23දා

2025 ජනවාරි මස 10 ප.ව. 06:27 - {{hitsCtrl.values.hits}}  

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන සමෘද්ධි  කැකුළු ළමා සමාජ සාහිත්‍ය හා සෞන්දර්ය කුසලතා එලිදැක්වන වාර්ෂික ජාතික තරගාවලිය ඔක්තෝබර් 22 හා 23 දෙදින තුළ මාළඹේ රාහුල බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.

දමිළ මාධ්‍ය දරුවන් 1000ක් හා සිංහල මාධ්‍ය දරුවන් 2000 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය එම දින දෙක පුරා පෙ.ව.8.30 සිට පස්වරු 2.00  දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරඟ ඉසව් 12 කින් සමන්විත තරගාවලියේ දී සරල ගී, ජන ගී, ශ්‍රාස්ත්‍රීය ගායනා, ශ්‍රාස්ත්‍රීය වාදන, උඩරට නැටුම්, පහත රට නැටුම්, ජන නැටුම්, නිවේදක, කථික, චිත්‍ර‍, කෙටි නාට්‍ය, හා ළමා කතාන්දර තරග  දින දෙක පුරා පැවැත්වේ.

සමෘද්ධි  කැකුළු ළමා සමාජ ජාතික තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 11 වැනි වරටය.

නිරෝෂා ප්‍රියදර්ශනී

Untitled-2

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...