ස්මාර්ට් ජාතික හැඳුම්පත් 75,000 ක් නිකුත් කරලා - කොමසාරිස් ජනරාල්

2025 ජනවාරි මස 11 පෙ.ව. 03:37 - {{hitsCtrl.values.hits}}  

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඩිජිටල් ක්‍රමයට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු මේ වන විට නව ස්මාර්ට් හැඳුනුම්පත් 75,000 ක් පමණ නිකුත් කොට තිබේ. මෙම හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා මහජනයා තුළ දැඩි උනන්දුවක් පවතින බවත් දිනකට තම දෙපාර්තමේන්තුව මගින් ස්මාර්ට් හැඳුනුම්පත් 1500 ක් පමණ නිකුත් කරන බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් සේවයට පවසා සිටි.

වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පළමු වතාවට ජාතික හැඳුනුම්පතක් ඉල්ලා සිටින අයට, තම ජාතික හැඳුනුම්පත අස්ථාන ගත වී ඇති අයට සහ තම ජාතික හැඳුනුම්පත දුර්වර්ණ වී අපැහැදිලි තත්ත්වයක පවතින අයට ස්මාර්ට් ජාතික හැඳුනුම්පත ලබා ගත හැක. නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත පසුගිය ඔක්තෝම්බර් මස 27 වැනි දින නිකුත් කිරීම ආරම්භ කළ බව කී කොමාසරිස් ජනරාල්වරයා ඉදිරියේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිත බැවින් ජාතික හැඳුනුම්පත් ලබා ගන්නා පිරිස ඉදිරි කාලයේ දී සීඝ්‍රයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවැසීය.

නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පතේ තොරතුරු භාෂා 3න්ම ඇතුළත් කොට ඇති අතර ඒ සඳහා ලබාදෙන අයඳුම්කරුගේ ඡායාරූපය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිර්ණායකයන්ට අනුකූල විය යුතුය. මේ අතර ඉදිරි කාලයේදී ජාතික හැඳුනුම්පතට අයදුම්කරුගේ ඇඟිලි සළකුණ ද ඇතුළත් කෙරෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය නීති ඇතුළත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනත පාර්ලිමේන්තුව විසින් සංශෝධනය කොට ඇති බව ද ගුණතිලක මහතා කීය.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් අයදුම්පත් 350,000 ක් පමණ ලැබී තිබූ අතර ඉන් 98%කටම මේවන විට ජාතික හැඳුනුම්පත් ලබාදී තිබෙන බවත් ඉතිරි සුළු ප්‍රමාණය ඉදිරි දින දෙක තුන තුළ සකසා අවසන් කරන බවත් කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කෙළේය.

(රජයේ නිල පුවත් සේවය)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...