සාපෙළ ඇරඹේ

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 05:34 - {{hitsCtrl.values.hits}}  

සාමාන්‍ය  පෙළ විභාගය අද (03දා) ආරම්භ විය. එය  විභාග මධ්‍යස්ථාන 4661මෙන්ම සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 541ක් සහ ප්‍රාදේශිය එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන 33ක් සහ මධ්‍යස්ථාන එක්රැස් කිරිමේ මධ්‍යස්ථාන 02කින් ක්‍රියාත්මක වේ. විභාගය සඳහා පාසල් හා පෞද්ගලික ලෙස අයදුම්කරුවන් 656641ක් පෙනී සිටීමට නියමිතය.

 සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක් රැස් කිරිමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කෝස්තාපල්වරයෙකු දෙදෙනෙකු පත් කිරිමට පොලිස්පතිතුමා ආදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

සෑම පොලිස් වසමකම පවත්වන විභාග මධ්‍යස්ථාන වෙත පොලිස් ජංගම සංචාර සහ පා මුර සංචාර මගින් ආරක්ෂාව සපයනු ලැබේ.

තවද ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍ර ප්‍රවාහනය කරනු ලබන වාහන සදහාද ආරක්ෂාව සැලසීමට කටයුතු කර ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...