සාපෙළ ප්‍රතිඵල ඉදිරි සතියේදී

2025 අප්‍රේල් මස 22 ප.ව. 09:38 - {{hitsCtrl.values.hits}}  

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන් වීමට පෙර ප්‍රතිඵල ලබාදීමට හැකිවන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය‘ පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 03 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන හාරදහස් හයසිය හැටඑකකදී පැවැත්විණි. ඒ සඳහා පාසල් අයදුම්කරුවෝ හාරලක්ෂ විසිදෙදහස් අටසියපනස් දෙනෙක් හා පෞද්ගලික අයදුම්කරුවෝ දෙලක්ෂ තිස්තුන්දහස් හත්සියඅනූඑක් දෙනෙක් සහභාගි වී සිටියහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...