සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි -  පළමු තැන විශාකාවට

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:56 - {{hitsCtrl.values.hits}}  

2016 වසරේ දෙසැම්බර් මස පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) අලුයම නිකුත් කිරිමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය. www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබේ.

ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කොළඹ විශාකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවෙල් විසින් හිමිකරගෙන තිබේ.

එහි දෙවැනි ස්ථානය මහනුවර මහාමායා බාළිකා විදුහලේ එස්.එම්.මුණසිංහ සිසුවියත්, තෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විදුහලේ ආර්.එම්. සුගත් රවිඳු සිසුවා හා මාතර රාහුල විදුහලේ දිමුත් මිරිස්සගෙත් හිමිකරගෙ තිබේ. සිවුවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාළිකා විදුහලේ පබසරා හේරත් විසිනුත් ලබාගෙන ඇත. 

පස්වැනි ස්ථාන තුනක් ලබාඇති අතර කොළඹ දේවි බාළිකා විදුහලේ රනුමි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාළකාවේ ධම්සරා මේදාවි, යාපනය හින්දු විද්‍යාලයේ ඒ. අභිමන්තන් එම සිසු සිසුවියෝ වූහ. එසේම එම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කිරීමේ අයැදුම්පත්‍ර අප්‍රේල් 30දාට පෙර යොමුකරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිරෝෂා ප්‍රියදර්ශනි

Untitled-1

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...