සාපෙළ පිළිතුරුපත් ඇගයීම ජන 03දා

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:55 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර පරීක්ෂාව ජනවාරි 03 වැනිදා සිට අදියර දෙකක් යටතේ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව පළමු අදියර ජනවාරි 03 වැනිදා සිට 12 වැනිදා දක්වාත්, දෙවැනි අදියර ජනවාරි 21 වැනිදා සිට 30 වැනිදා දක්වාත් පැවැත්වේ.

උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 62,000ක කාර්යමණ්ඩලයක් යෙදවීමට නියමිතය. උත්තර පත්‍ර පරීක්ෂාවට වැඩිම පිරිසක් සහභාගි වන අවස්ථාව සහ උත්තර පත්‍ර වැඩිම ප්‍රමාණයක් ලැබී තිබෙන විභාගය වන්නේද දෙසැම්බර් 06 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයයි.(ada.lk)

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...