සාපෙළ සිසුන්ට හැඳුනුම්පත්දීමට එක්දින සේවාවක්

2025 ජනවාරි මස 11 පෙ.ව. 01:42 - {{hitsCtrl.values.hits}}  

මේ වසරේ අධ්‍යාපන  පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබා දීම සඳහා ලබන 25 වැනිදා විශේෂ එක්දින සේවාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී ගුණතිලක මහතා ලංකාදීපයට පවසා තිබේ.

එදිනට පාසල් අයදුම්කරුවන් පැමිනීම අනිවාර්ය නොවන බවත් එම දරුවන්ගේ ඥාතීත්වය තහවුරු කළ හැකි වෙනත් පුද්ගලයකු එම ඥාතීත්වය තහවුරු කරමින්  ග‍්‍රාම නිලධාරී විසින් සහතික කර ලබාදෙන බලය පැවරීමේ ලිපියක් රැගෙන ඒම ප‍්‍රමාණවත් බවත් ඒ මහතා ලංකාදීපට අදහස් දැක්වා ඇත.

දෙපාර්තමේන්තුව වෙත ඉල්ලූම්පත් යොමු කර ඇති පාසල් ඉල්ලූම්පත් සඳහා හැදුනුම්පත් සකස් කර මේ වනවිට තැපැල්  කරමින් පවතින බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා කියා තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...