සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 නොවැම්බර් මස 19 ප.ව. 02:17 - {{hitsCtrl.values.hits}}  

2017 වසරේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැක.

සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන තැපැල් කිරීම ආරම්භ කර ඇති බව ඒ මහත සඳහන් කරයි.

මෙම විභාගය සඳහා 169,412 දෙනෙකු අයදුම් කළ අතර විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 158,805කි. විභාගය සමත් සංඛ්‍යාව 150,005 දෙනෙකු වන අතර විභාග මධ්‍යස්ථාන 1,301කදී විභාගය පැවැත් වූ අතර උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන සංඛ්‍යාව 23ක් සහ ඇගයීම් මණ්ඩල 83ක් විය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...