සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 19 දා

2025 ජනවාරි මස 10 ප.ව. 01:46 - {{hitsCtrl.values.hits}}  

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය  ලබන 19 වැනි දා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. විභාග මධ්‍යස්ථාන 1,217කදී පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මෙම විභාගය පැවැත් වෙන අතර අයදුම්කරුවන් 155,834ක් පෙනී සිටීමට නියමිතය. සියලුම අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට විදුහල්පතිවරුන් වෙත තැපැල් කර යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර නොලද විදුහල්පතිවරුන් වේ නම් හෝ මෙම විභාගය පිළිබඳ යම් විමසීමක් වේ නම් පහත සඳහන් දූරකතන අංක වෙතින් විමසීම් සිදු කළ හැකි බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ක්ෂ්ණික ඇමතුම්- 1911

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව-     011 2784208/011 2784537/
                                                              011 3188350/011 3140314 

                                                 ෆැක්ස් අංකය - 011 2784422

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...