’’සාරධර්ම දිනයට’’ සමගාමිව සියලු පාසල්වල වැඩසටහන් රැසක්

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:50 - {{hitsCtrl.values.hits}}  

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකරලීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පුර්ණකාලීනව වර්ෂය පුරා සිසුන් ද ඇතුලුව පාසල් පද්ධතියට අයත් සියලු ප්‍රජාව සම්බන්ධ කරගෙන සුදුසු වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට මේ අනුව පියවර ගෙන ඇති බව සඳහන් වේ.

සාරධර්ම දිනය යෙදි  ඇති  ජනවාරි 24 වනදා  පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.00 දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා දෙමවුපියන්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධව විශේෂ හඳුන්වාදීමේ මූලික වැඩසටහනකින් ආරම්භ කර යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් කීපයක් ද එදිනට ක්‍රියාත්මක කළ යුතුය.

යෝජිත ආදර්ශ සාරධර්ම වැඩසටහන් අතර මාපිය, ගුරු, වැඩිහිටි සම්භාවනා වැඩසටහන්, සදාචාරවත් මාධ්‍ය භාවිතය, පරිසර සංරක්ෂණය, දෛනිකව ක්‍රියාත්මක කළයුතු සදාචාර සංවර්ධන වැඩසටහන්, යහපත් මිතුරන් ආශ්‍රය තුළින් ජීවිතය සාර්ථක කර ගැනීම, අසරණයන්ට පිහිටවිම සහ ගිලානෝපස්ථානය වැනි වැඩසටහන් අතරින් කිහිපයක් ද එදිනට  සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් සියලුම පාසල් විදුහල්පතිවරුන්, සියලු පරිවේනාධිපතිවරුන්, විද්‍යාපීඨ කොමසාරිස්වරුන් ඇතුලු සියලු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල දැනුවත් කර ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...