සාර්ක් චිත්‍රපට උළෙල ජුලි 2 ඇරඹෙයි

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:23 - {{hitsCtrl.values.hits}}  

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන සාර්ක් චිත්‍රපට උළෙල 2019  ජූලි 2 දින සිට ජූලි 7 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම චිත්‍රපට උළෙලේදී සාමාජික රාජ්‍යයන් විසින් සිනමා පට 5 ක් බැගින් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන අතර, මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙන දින 5 තුළ සිනමා පට දෙකක් නොමිලයේ ප්‍රදර්ශනය කෙරේ.

එමෙන්ම මෙම චිත්‍රපට උළෙලේ දී කෙටි චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ.

එහිදී හොඳම වෘතාන්ත චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම ශබ්ද සමායෝජක, හොඳම සංස්කාරක, හොඳම සිනමාකරුවා, හොඳම කෙටි චිත්‍රපටය හා ජූරියේ විශේෂ සම්මාන 2 ක් ද පිරිනැමෙන අතර, ඉන්දුනීසියාව, කොරියාව හා පිලිපීනය යන රටවල් නියෝජනය කරමින් එම රටවල විනිශ්චය මණ්ඩලය විසින් ඒ සඳහා විනිශ්චයක් ලබා දෙනු ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...