සිංහරාජයේ අලි දෙදෙනා සුරක්ෂිතයි

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 01:26 - {{hitsCtrl.values.hits}}  

සිංහරාජ වනයේ සිටි අලි දෙදෙනාම සුරක්ෂිතව සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිංහරාජ වන අඩවි කාර්යාලය සඳහන් කරයි.

එක් අලියෙකු අතුරුදන්ව සිටින බවට පරිසර සංවිධාන ප්‍රකාශ සිදුකර තිබෙන බවත්, අලින් දෙදෙනා සැමවිටම එකට ගමන් නොකරන බවත් එම කාර්යාලය පෙන්වා දෙයි.

මේ වනවිට අලින් දෙදෙනා ස්ථාන දෙකක සිටින බවත්, අදාළ තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා යැවූ බවත් එම කාර්යාලය සඳහන් කරයි.

අලින් දෙදෙනා පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීම සිදුකරන අතර, ඔවුන් ආහාර සොයාගෙන සිංහරාජ වනාන්තරයේ ගමන් කරන බවද එම කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.

මේ නිසා අලි දෙදෙනාගෙන් එක් අලියෙකු අතුරුදන් වී සිටින බවට සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බවද එම කාර්යාලය පෙන්වා දෙයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...