සිංහ රෙජිමෙන්තුවට ජනාධිපති යෂ්ටිය පිරිනමයි

2024 ඔක්තෝබර් මස 06 ප.ව. 11:02 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මවුබිමට කළ මෙහෙය අගයනු වස් ජනාධිපති යෂ්ටිය සහ රෙජිමේන්තු යෂ්ටිය ප්‍රදානය කිරීම ඊයේ (30දා) පස්වරුවේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරු භූමියේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිංහ රෙජිමේන්තුව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය සේවය ඉටු කළ බවයි. යුද්ධය හේතුවෙන් සිංහ රෙජිමේන්තුවේ පමණක් 3700කගේ පමණ පිරිසකගේ දිවි අහිමිව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙහිදි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළ දෑත් වලින් නිමවු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුස්තකාලය විවෘත කිරීම මෙන්ම කිනදෙනිය මහා විද්‍යාලයේ 05 වසර ශිෂත්ව විභාගය සමත් සිසුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්වූහ.

නිරෝෂා ප්‍රියදර්ශනී

16265613_10154798824681327_2727053940231869449_n 16266241_10154798824196327_6455483985811633356_n 16266266_10154798824201327_6241424966726735927_n 16298695_10154798825106327_8460011592091235172_n 16387368_10154798825261327_8168223834039314806_n 16425826_10154798824401327_8371809319886041084_n16265918_10154798824181327_2383368131493570508_n

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...