සියලුම පාසල් හෙට අනින්දා නිවාඩු - විශ්ව විද්‍යාලත් නිවාඩු

2025 අප්‍රේල් මස 22 ප.ව. 10:13 - {{hitsCtrl.values.hits}}  

අද (අප්‍රේල් 21) උදෑසන කොළඹ, මීගමුව හා මඩකලපුවේ ස්ථාන කිහිපයකින් සිදූ වූ අවාසනාවන්ත සිදුවීම් නිසා හෙට ආරම්භ කිරීමට නියමත පාසල් හෙට අනිදා තුළද වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
 කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා මීගමුව කටුවපිටියේ පිහිටි දේවස්ථානයක මෙන්ම මඩකලපුවේ දේවස්ථානයක ද පිපිරීම් සිදුවී තිබේ. මීට අමතර කොළඹ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටලවලද පිපිරීම් සිදුවී ඇතැයි වාර්තා වේ. 

උද්ගත වී ඇති තත්ත්වය සළකා බලා සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන්ට, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට නැවත දැනුම් දෙන තුරු නිවාඩු ලබාදී ඇති බව ද මහාචාර්යවරයා සදහන් කළේය. මෙම තත්ත්වය හමුවේ නේවාසිකාගාරවල රැ`දී සිටින සිසුන්ට ඒවායේම රැදී සිටින්නට අවස්ථාව ලබා දී ඇතැයි ද සභාපතිවරයා කීවේය. නේවාසිකාගාරවල සිටින සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ද විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

සන්සුන්ව සිටින්න - ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්


කටකතා  සහ අසත්‍ය  ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන්   විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙය කිසි  විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් බවත් තමන් මේ හේතුවෙන් දැඩි කම්පනයට හා  වේදනාවට පත්ව සිටින බවත්  ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

"කිසි විටෙක බලාපොරොත්තු නොවු සිදුවීමක්  සිදු වී තිබෙනවා.  මා  මෙන්ම ලක් වැසි සියලු දෙනාම  දැඩි ලෙස  වේදනාවට සහ කම්පනයට පත්ව සිටිනවා. මෙම ප්‍රහාර පිටුපස ඇත්තේ කුමන  කුමන්ත්‍රණයක්ද  යන්න තවම පැහැදිලි නැහැ. මේ පිළිබඳව සෙවීම සඳහා ආරක්ෂක අංශ වට උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන්  මේ වන විට  ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.

ජනතාවට සන්සුන්ව සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කටකතා වලට රැවටෙන්න එපා.  කිසිදු අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රජය මේ සම්බන්ධ පියවර‍ රැගෙන තිබෙනවා.  එම වගකීම් ඉටු කරනවා."

දෙහිවල සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමයි


දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැවත දැනුම් දෙන තුරු වසා තබන බව එහි පාලනාධිකාරිය පවසයි. සත්වෝද්‍යානය ඉදිරිපිට ලැගුම්හලක දී බෝම්බයක් පුපුරා යාමත් සමඟ සත්වෝද්‍යානය වසා දැමීමට එහි බලධාරින් තීරණය කොට තිබිණි. රටේ පවතින තත්ත්වය සමනය වන තුරු සත්වඋද්‍යානය වසා තැබීමට තීරණය කළ බව එහි  ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය - පොලිසිය

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මීට ඉහතදී පොලිසිය නිවේදනය කළේ ඉරිදා සවස 6 සිට සඳුදා (අප්‍රේල් 22) උදෑසන 6 දක්වා ශ්‍රී ලංකාව පුරා පොලිස් ඇඳිරිනීතිය පනවන බවය.

ඉන්දීය අගමැතිවරයා ශෝකය පළ කරයි

ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාර "කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් හඳුන්වනු ලබයි.

Twitter හි @narendramodi කළ පළකිරීම: ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකියි. ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටියි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ඉන්දියාව අවධාරණය කර සිටියි.ඡායාරූපයේ හිමිකම @narendramodi@NARENDRAMODI

ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකියි. ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටියි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ඉන්දියාව අවධාරණය කර සිටියි.

කතානායකවරයාගෙන් ඉල්ලීමක්

"ඉරිදා පෙරවරුවෙහි කිසිවෙකුත් අපේක්ෂා නොකළ ලෙස රටෙහි වැදගත් ආගමික සිද්ධස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වී ඇති පිපිරීම් සිද්ධි පිළිබඳව දැඩි සැළකිල්ල යොමු කරමින් පාර්ලිමේන්තුවෙන් ගතයුතු ක්ෂණික පියවර පිළිබඳවද සුවිශේෂ අවධානය යොමු කර" ඇති බව කතානායක කරූ ජයසූරිය පවසයි.

නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

"මේ මොහොතේ මෙම තත්ත්වය කිසියම් ජාතියකට හෝ ආගමකට එරෙහි වූ විපතක් නොව අපගේ ආදරණීය මාතෘභූමියටත් සහෝදරත්වයෙන් බැඳුනු සකලවිධ ශ්‍රී ලාංකික ජනතාවටත් මුහුණ දීමට සිදු වූ බරපතල විපතක් බව පැහැදිළිය. උද්ගත වී ඇති මෙම තත්වය තුළ ඉතා අවබෝධයෙන් , වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුතක්තව සාමකාමීව කටයුතු කිරීම තුළින් මෙම මිලේච්ඡ ක්‍රියාදාමයේ අවසන් අරමුණු ඉඳුරාම ව්‍යවර්ථ කළ හැකිවනු ඇත."

"එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව මෙම විපතට මුහුණ දීමට එක්වන ලෙස සමස්ථ රටවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ආයාචනා කරමි."

අපගේ එක්සත් බව තුළ මෙම කුරිරු ප්‍රහාරයට වගකිව යුතු ම්ලේච්ඡ බලවේග අප ආදරණීය මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා දිවි හිමියෙන් කැප වන බව සපත කරමු.

පාසල් නිවාඩු

paasal niwadu

රජයේ පාසල් රැසක් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සඳුදා යළි ආරම්භ වීමට නියමිතව තිබිණි.

එහෙත්, රටේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිවේදනය කරයි.

රටේ ආරක්ෂාව

රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ඉරිදා පෙරවරුවේ පැවැත්විණි.

මෙම තත්ත්වය හමුවේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කිරීමට ද පියවර ගැනිණි.

කටුනායක ගුවන් තොටුපළ

Twitter හි @flysrilankan කළ පළකිරීම: Passengers should report to Bandaranaike International Airport (BIA) four  hours before flights - 21st April 2019 ! ඡායාරූපයේ හිමිකම @flysrilankan@FLYSRILANKAN

ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය ගුවන් මගීන්ට දැනුම් දුන්නේ, ගුවන් තොටුපළ තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන හෙයින් ගුවන් ගමන් වේලාවට පැය 4කට පමණ පෙර පැමිණිය යුතු බවය.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සියලු ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කළ බවය.

අගමැතිවරයා සහ ආරක්ෂක නිලධාරීන් අතර හමුවක්

සාමය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගනු වස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රජයේ ඇමතිවරුන් සහ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් පැවති බව අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි. මේ වන විට ආරක්ෂාව දැඩි කර ඇති බව ඔහු නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්වේ. වගකීමෙන් කටයුතු කරන ලෙසත් දේශපාලන වාසි තකා කටයුතු නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී. (බිබිසි)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...