සීගිරිය 3D වෙයි

2025 අප්‍රේල් මස 22 ප.ව. 06:29 - {{hitsCtrl.values.hits}}  

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කසුප් රජ දවස සීගිරි පැවති ආකාරය තාක්ෂණික සජීවිකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.

විනාඩි 15 ක පමණ කාලයකදී ත්‍රිමාණ රූප සමග සජීවී කරන තාක්ෂණය යටතේ ඉපැරණි සීගිරිය රජු දවසේ පැවැති ආකාරය දැක බලා ගැනීමට මෙන්ම සීගිරිය පැවති ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර්  අනුර නිශාන්ත මහතා කියා සිටියේ ඉදිරියේදී සීගිරියට පැමිණෙන සංචාරකයන්ට නව අත්දැකීමක් ලබාදීම සඳහා  සිගිරිය  පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව ගමන් කිරීම සඳහාත් මෙම අත්හදා බැලීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.

බටහිර දොරටුවේ සිට සීගිරි ගල මුදුනේ පිහිටි රජ මාලිගාව දක්වාම ඉපැරණි රජ දවස මෙහි නිර්මාණය කොට තිබේ.

සිංහ පාදය සීගිරි බිතුසිතුවම් දිය පොකුණු සීගිරි අප්සරාවන් ආරක්ෂක බල මුළු ස්ථාන සීගිරි කසුප් රජු අප්සරාවියන් සමඟ  දැක්වෙන  ත්‍රිමාණ රූප සජීවීකරණයෙන් නිර්මාණය කොට තිබේ.

මෙහි තාක්ෂණික නිලධාරීන් කියා සිටියේ සීගිරිය පිළිබඳව වසර එකහමාරක පමණ කාලයක සිට අධ්‍යයනය කොට සීගිරියේ පිහිටි වර්තමාන ගොඩනැගිලිවල උස දිග පළල පිහිටීම් ආකාරය සියල්ල අධීක්ෂණයෙන් පසු එම ක්‍රමවේදයටම ඉපැරණි රජ මැදුර ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නිර්මාණය කොට තිබෙන බවය.

එස්. කරුණාරත්න

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...