සුනිත්‍ය බලශක්ති ප්‍රදර්ශනය 2016 BMICH හිදී

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 06:55 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සුනිත්‍ය බලශක්ති ප්‍රදර්ශනය හෙට( 28), 29, 30 යන තෙදින පුරා පෙරවරු 9.30 සිට රාත්‍රී 8.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ නුගසෙවන පරිශ්‍ර‘යේදී පැවැත්වේ.

මෙහිදී සූර්ය පැනල පද්ධති, සූර්ය පැනල වීදි ආලෝක පද්ධති, LED විදුලි පද්ධති, විදුලි යතුරු පැදි, විදුලි ත්‍රිරෝද රථ, විදුලි ස්විච් පද්ධති ආදී බොහෝ දේ ප්‍රදර්ශනය කෙරෙන අතර පාරිභෝගික ප්‍රජාවගේ සියලු බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන පරිදි මෙය සංවිධානය කර තිබේ.

මෙම ප්‍රදර්ශනය සඳහා නොමිලේ සහභාගි විය හැකි අතරම, මෙහිදී සුවිශේෂි වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම ආදිය යටතේ සූර්ය පැනලයක් ලබාගැනීමේ හැකියාව පවතින බව ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය දන්වා සිටියි.

නිරෝෂා ප්‍රියදර්ශනී

solarpower

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...