2025 ජනවාරි මස 10 ප.ව. 06:14 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩා, කලා හා නව නිර්මාණ ක්ෂේත්රයන්හි සුවිශේෂ දක්ෂතා දක්වන සිසු දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති සුභග ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම 2017 ජූලි මස 31 වන දින ආරම්භ වූ අතර අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 06 වනදායින් අවසන් වේ. නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම උදෙසා ක්‍රියාවට නංවා ඇති මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ක්‍රීඩා , සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ නව නිපැයුම් යන විශේෂ කාණ්ඩ 3ක් යටතේ ශිෂ්‍යත්ව ලබාදීමට අපේක්ෂිතයි. මේ සඳහා අදාළ අයදුම්පත් සහ වැඩි විස්තර www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
pic courtesy :airforce
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |