සුරක්ෂා’ රක්ෂණයෙන් කෝටි 134ක ප්‍රතිලාභ

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 06:11 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ‘සුරක්ෂා’ රක්ෂණය මගින් මේ වනවිට රුපියල් කෝටි 134ක මුදලක් ප්‍රතිලාභ ලෙස ගෙවා ඇතැයි එම අමාත්‍යංශය කියයි. ‘සුරක්ෂා’ රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලීම් 29,000ක් ලැබී තිබූ බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. ‘සුරක්ෂා’ රක්ෂණය යටතේ රජයේ පාසල් පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන්ට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සෞඛ්‍ය, ජීවිත හා අනතුරු රක්ෂණාවරණ හිමිවන අතර සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම වේගවත්ව ක්‍රියාවට නැංවෙමින් පවතින  බව පෙන්වා දෙයි.

 2018 දෙසැම්බර් මස 01 දා සිට සුරක්ෂා සිසු රක්ෂණය ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අලියාන්ස්  ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය එක්ව සිටින අතර වයස අවුරුදු 5-21 අතර සිටින සියලු පාසල් දරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණ, අනතුරු රක්ෂණාවරණ සහ ජීවිත රක්ෂණාවරණ අවස්ථා මේ යටතේ සලසා දී තිබේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...