සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:33 - {{hitsCtrl.values.hits}}  

රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්, %සුරක්ෂා^ සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව,මෙතෙක් ප්‍රතිලාභ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයන්විසින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශයවෙත යොමු කළ යුතුය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ,දුරකථන අංක0112784163,0112784872ට හෝ0113641555මගින් ලබාගත හැකි බවද අමාත්‍යංශය පවසයි.

 

%සුරක්ෂා^ සිසු රක්ෂණ ප්‍රතිලාභ අයදුම්කරුවන් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර,වැඩි විස්තර සතියේ දිනවල පෙ.ව 09.00සිට සවස 04.00දක්වා0112784872, 0112784163හෝ0718355261දුරකථන අංක අමතා ලබාගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.(WMDJBM)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...