‘සුරැකිව අකුරට‘ චිත්‍ර තරගය දා...

2025 ජනවාරි මස 11 පෙ.ව. 01:33 - {{hitsCtrl.values.hits}}  

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ විජය පුවත් පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කළ ‘සුරුකිව අකුරට‘ දීප ව්‍යාප්ත මහගම අනුතුරු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ පැවැත්වූ මධ්‍යම පළාත් චිත්‍ර තරගය සහ සහතික පත්‍ර ප්‍රදානය මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි. මූලික වටයේ සුදුසුකම්ලත් සිසු සිසුවියන් 200 ක් මෙහිදී සජීවී චිත්‍ර නිර්මාණය කෙරිණ. මෙම අවස්ථාව සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරූ එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 
අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය විෂය වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් හඳුන්පතිරණ, හිටපු සෞන්දර්ය අධ්‍යක්ෂ තුෂාර ගුණතිලක, ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) විජිතා වීරසිංහ, අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරාළ (තත්ත්ව ආරක්ෂණ), සහකාර අධ්‍යක්ෂ ආලෝකා කරුණාරත්න, වවිධායක නිලධාරීන් වන මුදිත නවරත්න, නිමාලි බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. තරඟය නිරීක්ෂණය සඳහා පිළිමතලාව මැදි විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනී රේණුකා වනිගසිංහ, කුරුවිට කුමර විද්‍යාලයේ ගංගා හරෝෂණි සමරසේකර, විජයපාල මුණසිංහ යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

ඡායාරූප- රුසිරු තරංග)

[caption id="attachment_16277" align="alignleft" width="750"]????????????????????????????????????[/caption]

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...