සුළි කුණාටුව (MORA) අද බංග්ලාදේශයට ඇතුළු වෙයි - ශ්‍රී ලංකාවේ අහස වළාකුලින් බර වෙයි 

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 04:57 - {{hitsCtrl.values.hits}}  

සුළි කුණාටුව (MORA)  අද (30)දින බංග්ලාදේශ ගොඩබිමට ඇතුල්වී දුර්වල වේ යැයි බලාපොරොත්තු වන අතර හෙට සිට තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

නමුත් එහි බලපෑම හේතුවෙන් අද දින දිවයිනේ අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං තත්ත්වයන්  අපේක්ෂා කල හැක. දිවයිනේ (විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල) සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා ඉතා තද සුළං ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සමහර ස්ථාන වල (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල) මි.මි. 100 වැඩි තද වැසි බලාපොරොත්තු විය හැක. උතුර සහ උතුරුමැද පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...