හෘදයට රුධිරය සපයන නාළවල අවහිරතා මඟහරවාගැනීමට ස්ටේන් (Stent) නොමිලේ

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 12:51 - {{hitsCtrl.values.hits}}  

 හෘදයට රුධිරය සපයන නාළවල අවහිරතා මඟහරවාගැනීම සඳහා භාවිත කරන ස්ටේන් (Stent) සම්පූර්ණයෙන්ම රෝගීන්ට නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ රෝහලකදී සිදුකරන සැත්කමකදී පවා ස්ටේන් පිටතින් රැගෙන ඒමට රෝගීන්ට සිදුව තිබෙන අතර,එක් ස්ටේන් එකක් මිලදී ගැනීම සඳහා රෝගීන්ට රුපියල් එක්ලක්ෂ විසි පන්දහසත්, එක්ලක්ෂ පනස් දහසත් අතර මුදලක් වියදම් කිරීමට සිදුව ඇත.

රෝගී ජනතාව පත්ව තිබෙන දුෂ්කරතාව සැලකල්ලට ගනිමින් ස්ටේන් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ ලබන ජනවාරි මාසයේ සිට නොමිලේ ස්ටේන් ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, ඒ හරහා වසරකට රුපියල් බිලියන 1.2කට ආසන්න මුදලක් වෙන් කිරීමටද සැලසුම් කර ඇත.ada.lk

slit 2

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...