හදිසි අනතුරු 37000 ක් - හදිසි අනතුරු අවම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 01:00 - {{hitsCtrl.values.hits}}  

දෛනිකව ඉහළ යන මාර්ග අනතුරු අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පලිත මහීපාල මහතා පවසයි.

ශ‍්‍රී ලංකාවේ සිදුවන විවිධ අනතුරු නිසා පීඩාවට පත්වන සහ මියයන සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින බවත් වාර්ෂිකව හදිසි අනතුරු නිසා මිලියනක් පමණ රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. හදිසි අනතුරු අතුරින් ප‍්‍රධාන තැනක් ගන්නේ මාර්ග අනතුරුයි. ශ‍්‍රී ලංකාව ළ වාර්ෂිකව මාර්ග අනතුරු 37,000 ක් පමන සිදුවන බව වාර්තා වෙයි. ඉන් 2500 ක් මාරක රිය අනතුරුය. රිය අනතුරුවලට ලක් වන බහුතරයක් දීර්ගකාලීන ආබාධිත තත්ත්වයට පත්වෙයි. රිය අනතුරු වලට භාජනය වන්නන් අතර බහුතරයක් වයස අවුරුදු 15-40 ත් අතර රටේ ඵලදායි කණ්ඩායමට අයත් පුද්ගලයන් ය. එබැවින් මෙය රටේ ආර්ථීකයට ද බලපෑමක් ඇති කරයි. රිය අනතුරුවලට භාජනය වූවන්ට ප‍්‍රතිකාර කිරීමට සහ පුනරුත්ථාපනය කිරීමට රජය විශාල මුදලක් වැය කරයි.

අනතුරු හේතුවෙන් 2015 වර්ෂයේ දී මරණ 2816 ක් සිදුව තිබෙනවා. දිනකට මරණ 08 ක් සිදු වෙනවා. මාරාන්තික මාර්ග අනතුරු 2600 ක් සිදුවන අතර  මාර්ග අනතුරු 38107 ක් සිදුව තිබෙනවා. ඉන් 9656 ක් යතුරු පැදි අනතුරු වෙනවා. ත‍්‍රී රෝද රථ අනතුරු 6879 ක් සිදුවී තිබෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත බෝනොවන රෝග අංශය මාර්ග අනතුරු හා ගෘහ අනතුරු අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා ප‍්‍රවාහන අමාත්‍යාංශය ඒකාබද්ධව ත‍්‍රී රෝද රථ පරික්ෂා කිරීමේ වැසපිළිවෙලක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

දෙසතියකින් මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි. ත‍්‍රී රෝද රථ රියදුරන්ට ප‍්‍රතිකාර ක‍්‍රම පුහුණූවක් ලබාදීම රෝහල් 15 ක ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. රිය අනතුරු හේතුවෙන් රෝහල්ගතවන පුද්ගලයින් පිළිබඳ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට ද නියමිතයි.

අධික වේගය, මාර්ග සළකුණු පිළිනොපැදීම ,රියදුරන් සහ පදිකයන්ගේ නොසැලකිලිමත්භාවය, මාර්ග භාවිතයේ දී ජංගම දුරකථන භාවිත කිරීම, වාහනවල තත්ත්වය ආදිය මාර්ග අනතුරු වලට බලපාන වී තිබේ. අනතුරු සිදු වූ වහාම නිවැරදි ප‍්‍රථමාධාර නොලැබීම සහ වැරදි ලෙස ප‍්‍රතිකාර ලබාදීම ද රෝගියාගේ තත්ත්වය උග‍්‍රවීමට බලපා තිබෙනවා. මෙහිදී ත‍්‍රීරෝද කෙරෙහි විශේෂ අවදානය යොමු කළ  යුතු වෙනවා.

මෙහිදී ත‍්‍රී රෝද රියදුරන්තට ප‍්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් ලබාදීම,වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම  සිදු කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැලැක්වීම පිළිබඳ කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් ශ‍්‍රී ලංකා පොලීසිය සහ රතු කුරුස සංවිධානයේ සහයෝගය මත දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත දියත් කිරීමට කටයුතු යොදා තිබෙන බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...