හම්බන්තොටට සූර්ය බලශක්ති බලාගාරයක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:58 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකළ විශාලම සූර්ය බලශක්ති බලාගාරය හම්බන්තොට මයුරපුර, බුරුතන්කන්ද ප්‍රදේශයේදී අද (21දා) පෙරවරුවේ විවෘත විය. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය විවෘත කෙරිණි.

LOLC ව්‍යාපාර සමූහයට අයත් සාගා සෝලා පවර් පෞද්ගලික සමාගම විසින් මෙය ඉදිකර ලංකා විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරුණු අතර, ඉන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 10 ක ප්‍රමාණයක් එක්වෙයි. අක්කර 50 ක භූමි භාගයක මෙම ව්‍යාපෘතිය ඉදිකර තිබේ.

මෙවැනි සූර්යබල ශක්ති ව්‍යාපෘතියක් මොනරාගලදී ආරම්භ කරන බවත්, එයින් මෙගාවොට් 100ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී කියා සිටියේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

?????????????????????????????????????????????????????????????? ??????????????????????????????? ???????????????????????????????

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...