හම්බන්තොට සහ මුලටියන පාසල් හෙටත් වැසේ

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 03:09 - {{hitsCtrl.values.hits}}  

දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියළුම පාසල්  හෙට (31 දා)  දිනයේ ද වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට   නියෝග කළේය.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ප්‍රදේශ නිරික්ෂණය කරන අතරතුරදී මෙම නියෝගය ලබා දුන්නේය.

අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගංවතුර  සහ නායයාම් අවදානම් තත්වය තවමත් පැවතීම හේතුවෙන් තවදුරටත් එම පාසල් වසා තැබීමට ආණ්ඩුකාරවරයා තීරණය කොට ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...