හැටන් ගුරුවරුන් ඇගයෙති

2025 අප්‍රේල් මස 20 ප.ව. 09:56 - {{hitsCtrl.values.hits}}  

හැටන් කලා අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල්වල අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සඳහා කැපවීමෙන් කටයුතු කළ සිංහල සහ දෙමළ මාධ්‍ය ගුරුවරුන් පනස් දෙනෙකු ඇගයීමට ලක්කරනු ලැබීය.

හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ශ්‍රීධරන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය එස්. රමේෂ් මහත්වරු සහභාගී වූහ. මෙහිදී ඇගයීමට ලක්වූ ගුරුවරුන් විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරාගෙන තිබුණි

කලාපයේ ලබන සිසු සිසුවියන්ගේ අධ්‍යාපන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙවැනි ඇගයීම් උලෙළක් පළමු වරට සංවිධායන කළ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රීධරන් මහතා පැවසීය.

හැටන් අධ්‍යාපන කලාප  කාර්යාලය යටතේ  පාලනය වන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ යමානි දුලාංජලී ශිෂ්‍යාව මලල ක්‍රීඩාවෙන් මෙරටට කීර්තියක් ගෙන ඒම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් විශේෂ ඇගයීමකට ලක්කෙරුණි.

01 (15) 01 (11) 01 (9) 01 (7) 01 (6) 01 (5) 01 (2)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...