ළමා ආරක්ෂාවට පාසල් වැඩසටහනක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 04:56 - {{hitsCtrl.values.hits}}  

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීම තුළින් ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩසටහන් මාලාවේ පළමුවැන්න පසුගියදා කොළඹ 08, දේවි බාලිකා විද්‍යාලයේදී ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව සඳහා “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතියට අයත් පාසල් 25ක මාධ්‍ය ඒකකයන් හී සිසු සිසුවියන් හා ගුරුභවතුන් සහභාගී වූහ.
මෙම වැඩමුළුව තුළදී ළමා අපයෝජනයන්ගෙන් ආරක්ෂාවීම පිළිබඳව පාසල් මාධ්‍ය ඒකක සාමාජිකයන් දැනුවත් කෙරෙන අතර, ඒ සඳහා ජනමාධ්‍ය භාවිත කළ හැකි අන්දම පිළිබඳවද විශේෂ දැනුවත්භාවයක් ලබාදීමට නියමිතය.

විශේෂයෙන් මෙහිදී ළමා ආරක්ෂාව විෂයට අදාළව පාසල් මාධ්‍ය ඒකක මඟින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රවෘත්ති වැඩසටහන්, සම්මුඛ සාකච්ඡාමය වැඩසටහන් හා වාර්තා වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව හා මුද්‍රිත මාධ්‍ය භාවිතය පිළිබඳව සුවිශේෂී පුහුණුවක් ලබාදීමද සිදු කරයි.

ළමා අපයෝජන වලින් ආරක්ෂාවීම පිළිබඳව ළමුන් දැනුවත් විය යුතු තොරතුරු පාසල් මාධ්‍ය ඒකක හරහා පාසල් ගත කිරීම මෙම විශේෂ වැඩසටහනේ මූලික අරමුණයි. වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනවලින් ලබාදීම සිදු කරයි.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...