2024 දෙසැම්බර් මස 27 පෙ.ව. 05:51 - {{hitsCtrl.values.hits}}
පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (13දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දි පැවැත්විණි. අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් පාරිසරික උරුමය මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික පරිසර නියමු වැඩසටහන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි.
7 වන වරටත් පැවැති මෙවර පදක්කම් ප්‍රදානෝත්සවයේදී දිස්ත්‍රික්ක 09 කින් පාසල් 16 ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 40 දෙනෙක් ජනාධිපතිතුමා අතින් පරිසර නියමු ජනාධිපති පදක්කම් ලැබූහ. විශේෂ කුසලතා දැක්වූ පාසල් හා ගුරුවරුන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.
2001-2016 කාලය තුළ පාසලකින් බිහි වූ වැඩිම පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන් සංඛ්‍යාව වූ 73 දෙනෙකු මව් බිමට දායාද කළ හම්බන්තොට තංගල්ල බාලිකා විද්‍යාලය සහ දෙවැනි වැඩිම පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභින් බිහිකළ කුරුණෑගල උඩබදලව සුදර්ශන මහා විද්‍යාලය මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට උපහාර තිළිණ ලැබීය. මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |