2019 පළමු පාසල් වාරය හෙට ඇරඹේ

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 06:04 - {{hitsCtrl.values.hits}}  

2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට(02) දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.

රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම 2019.01.17 වන දින සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

එමෙන්ම තිළිණපත් වලින් නිල ඇඳුම් මිලදී ගැනීමේ දී පාසල් සිසු දරු දැරියන් වෙත කිසිදු බලපෑමක් සිදු නොකර ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

ඒ ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් තෝරාගත් වෙළඳ ආයතන ප්‍රවර්ධනය කරන බවට සහ දෙමව්පියන් වෙත බලපෑම් සිදුකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන පැමිණීලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියහ.

පසුගිය සමයේ නිල ඇදුම් ලබාදීමේ දී සිදු වූ වංචා දූෂණ වළක්වා ගනිමින් රජය විසින් ලබාදෙන සහන අතරමැදියන්ගේ ගසාකෑමකින් තොරව සෘජුවම පාසල් දරුවන් වෙත ලබා දීමේ අරමුණින් නිල ඇදුම් වවුචර ක්‍රමය හදුන්වා දුන් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...