2019 වසරට ඩෙංගු රෝගීන් 27,700ක්

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 11:58 - {{hitsCtrl.values.hits}}  

මෙම මාසයේ (ජූලි) පළමු සති දෙක තුළ ඩෙංගු රෝගීන් එක්දහස් හත්සියයක් වාර්තා වී තිබෙන බවත්, මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද (14දා) දිනය දක්වා ඩෙංගු රෝගීන් විසිහත්දහස් හත්සියයක් වාර්තා වී තිබෙන බවත් ඩෙංගු මර්දන ඒකකය උපුටා දක්වමින් අද  පුවත්පත වාර්තා කරයි.

සක්‍රියව පවතින නිරිත දිග මෝසම් වර්ෂා තත්ත්වය හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු තත්ත්වයේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බවද එම ඒකකය පෙන්වා දෙයි.

මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද (14දා) දිනය දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 5,820ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,656ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,371ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,594ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,111ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,337ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 690ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 771ක් වශයෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී තිබේ.(අද  පුවත්පත)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...