2020 පෙළ පොත් බෙදා හැරීම 16 දා

2025 අප්‍රේල් මස 22 ප.ව. 12:41 - {{hitsCtrl.values.hits}}  

රජයේ සියලු පාසල් සිසු දරුවන්ට හා පිරිවෙන් ශිෂ්‍ය  භික්ෂූණ්වහන්සේට 2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම 2019 අගෝස්තු 16 වැනිදා සිකුරාදා නිල වශයෙන් ඇරඹේ.

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව. 10.30 ට හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පෙළ පොත් බෙදාහැරීමේ නිල උත්සවය පැවැත්වේ.

නොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කරයි. පොත් වර්ග 448කින් පිටපත් මිලියන 43ක් සිසුන් අතට පත්කිරීමට නියමිතය.

පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේ සඳහා 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පොත් වර්ග 54ක් පිරිනැමේ. 1සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ගේ පෙළපොත් සහ 12 ශ්‍රේණියේ සාමාන්‍ය ඉංග්‍රීසි පෙළ පොත ද මේ පොත් වර්ග 448 අතරට අයත්ය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...