2023දී පාසල් 1000කට අන්තර්ජාල පහසුකම්

2025 ජනවාරි මස 16 පෙ.ව. 08:21 - {{hitsCtrl.values.hits}}  

සෙසු රටවලට සාපේක්ෂ ව දැනුම අතින් අප ඉදිරියෙන් සිටියත් ඒ දැනුම ප්‍රායෝගික ව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් අපට නොමැති නිසා වෙනත් රටවල් අපේ මිනිස් දැනුමින් ප්‍රයෝජන ගන්නා බවත් එම මානව සම්පත, මෙරට ආර්ථිකය හසුරවන පිරිසගේ අවධානයෙන් ගිලිහීම ඊට බෙහෙවින් බලපා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

කඩිනමින් ලොව පුරා විසිරී සිටින දැනුමින් සන්නද්ධ ශ්‍රී ලාංකික මානව සම්පත යළි කැඳවා, මගහැරෙමින් යන හතර වෙනි කාර්මික විප්ලවය හඹා ගොස් දුරස් ව ඇති පරතරය පියවාගෙන රටේ අනාගතය ගොඩනැගිය යුතු බවත් අමාත්‍යවරයා පැවැසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළට හර විෂයක් ලෙස ඉදිරියේ දී එකතු කිරීමට බලාපොරොත්තු වන අතර, මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ‘රොබෝටික්ස්, කෘත්‍රීම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසු කර සිසුන් දැනුමෙන් මෙන් ම තාක්ෂණයෙන් ද සන්නද්ධ කිරීම මගින් මේ අනාගත අභියෝග    ජයගැනීමේ මාවත තැනීමේ වේගවත් ක්‍රියාදාමයක නිරත විය යුතු ව පවතින බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.  

පාසල් 1000ක් සඳහා  මිලියන 1000ක් වැය කර අන්තර්ජාල පහසුකම් සපයා දිවයිනේ කිසි දු පාසලක් ඉදිරියේ දී හුදකලා වීමට ඉඩ නොහැර එක ම ජාලයකට ගෙන ලබන මාර්තු-අප්‍රේල් වන විට සියලු ගුරු-විදුහල්පතිවරුන් එම පරිගණක ජාලයේ ජාලගත කර ඔවුන්ගේ ස්ථානගත කිරීම්, උසස්වීම් ආදි සියල්ල එම ජාලය හරහා සිදු කරමින් කාර්යාලීය හා පරිපාලනමය පිරිමැස්මක් ඇති කිරීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...