2023 මැයි 5 වන දින රාත්‍රී ඡායා චන්ද්‍රග්‍රහණයක්

2025 මාර්තු මස 31 ප.ව. 04:57 - {{hitsCtrl.values.hits}}  

මැයි 5  වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග ඡායා චන්ද්‍රග්‍රහණයක්  සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම ග්‍රහණය ලංකාවේ සම්මත වේලාවෙන් මැයි 5 රාත්‍රී  8.44 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ලට ) ඇතුළුවීමත් සමගම ග්‍රහණය ආරම්භ වේ. 

ග්‍රහණය අවසන් වනුයේ 6  දින අළුයම  1.01  ට ය. උච්චතම ග්‍රහණ අවස්ථාව  සිදුවන්නේ 5  දින රාත්‍රී  10.52   ටය.  ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සලර රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙලගැසී ඇති විට දී ය.

ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුලින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී  ඡායා චන්ද්‍රග්‍රහණය අපටපූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින්  වැසී නොපෙනේ.

නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු වනු ඇත. එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හදුනා ගැනීම තරමක් දුෂ්කරය.  ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය  යුරෝපයේ සහ ආසියාවේ රටවලට, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය සහ ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශ වල රටවලට ද දිස්වේ.

මීට වඩා හොඳ චන්ද්‍රග්‍රහණයක්, අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස මේ වසරේ ඔක්තෝම්බර් 28 වැනි දින ශ්‍රී ලංකාවට දිස්වන බවත් ඉන් පසුව ශ්‍රී ලංකාවට පෙනෙන මීළඟ චන්ද්‍රග්‍රහණය ඇතිවනුයේ 2025 සැප්තැම්බර් 7 වැනිදා බවත් මහාචාර්ය ජයරත්න මහතා පැවසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...