2025 ජාතික වෙසක් උත්සවය නුවරඑළියේදී

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:08 - {{hitsCtrl.values.hits}}  

2025 වසරේ ජාතික වෙසක් උත්සවය ජාතික සමගිය වර්ධනය කරමින් කලණ මිතුරු ඇසුර යන මැයෙන් නුවරඑලිය නගරය කෙන්ද්‍ර කරගනිමින් පවත්වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසිය.

ජාතික වෙසක් උත්සවය නුවරඑලියේ පැවැත්විම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මැයි මස 10-16 දින දක්වා සතියක කාලයක් ජාතික වෙසක් උත්සවය පැවැත්විමට කටයුතු කරන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙසක් උත්සවය ආරම්භ කරන බවත්, මෙයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම පාසල්වල, ආගමික ස්ථානවලද බෞද්ධ සංස්කෘතික විදහා දක්වන ආකාරයෙන් සංස්කෘතික අංග ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ජාතික වෙසක් උත්සවය නැරඹිමට පැමිණෙන පිරිස් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සහ ආරක්ෂාව ලබාදිමටත් මෙම සාකච්ඡාවේදි තිරණය කර ඇත.

මෙම සාකච්ඡාවට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය, නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පා.ම මංජුල සුරවිරආරච්චි මහතා, ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ඇතුළු මහ සංඝ රත්නය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගි විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...