2050දී ලංකාවේ ජනගහණයෙන් සියයට 27ක්ම වැඩිහිටියන්

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 07:15 - {{hitsCtrl.values.hits}}  

2000 වර්ෂයේ දී 9.3% ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 2050 වනවිට 27.6% ක් වන බවට ඇස්තමේන්තු කර ඇතැයි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දත්ත වාර්තා සඳහන් කරයි.

ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ලොව වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමට සාපේක්ෂව මෙරට වැඩිහිටි ජනගහනයද  එපරිදිම වර්ධනය වන බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කර සිටියේ  වැඩිහිටි හා වියපත් ජනතාව වෙනුවෙන් ශක්තිමත් වැඩ පිළිවෙළක් සකස් කිරීම වර්තමානයේ අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්වී ඇති බවයි. 

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ වැඩිහිටි හා වියපත් වූවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරිම හා ආදර්ශ ලබාදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය, මෙරට JICA කාර්යාලය මගින් මෙහෙයවන ව්‍යාපෘතිය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව නියමු ව්‍යාපෘතියක් පසුගිය කාලයෙහි දියත් කර ඇති බවයි.

වැඩිහිටි හා වියපත් වූවන්ට ගුණාත්මක වැඩිහිටි දිවියක් ගත කිරිමට අවස්ථාව උදා කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වන අතර වසර 03 ක ව්‍යාපෘතියක් වන එය 2022 වර්ෂයේදී ආරම්භ කර ඇත. ඒ අනුව එහි නියමු ව්‍යාපෘති බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සහ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කර තිබේ. 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...