25දා හිරු බැසයාමට ආසන්නයේදී අර්ධ සූර්යග්‍රහණයක්

2025 ජනවාරි මස 16 පෙ.ව. 11:28 - {{hitsCtrl.values.hits}}  

2022 ඔක්තෝම්බර් 25 වන දින හිරු බැසයාමට ආසන්නයේදී ඉතා සුළු මට්ටමෙන් දිස්වන අර්ධ සූර්යග්‍රහණයක් බටහිර ක්ශිතිජයට ආසන්නව දැකගත හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ  තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය  චන්දන ජයරත්න පවසයි. මෙම ග්‍රහණය යුරෝපය, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශවලින් බොහෝමයකටද දිස්වේ. ලංකාවේ අපට ග්‍රහණය හොඳින්ම දිස්වනුයේ යාපනය ප්‍රදේශයටය .

සූර්යග්‍රහණයක් සිදුවන්නේ කෙසේද?

පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ. එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය  හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි. සූර්යග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය.

මෙම අර්ධ සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශ  සහ  වේලාවන්

යාපනය   නගරයට  අර්ධ සූර්යග්‍රහණය ප.ව.  5.27   සිට නිරීක්ෂණය කළ හැකි අතර  උපරිම අවස්ථාව ප.ව. 5.46 ට ද සිදුවේ. එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 8.8% ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරයි.  ග්‍රහණ  අවසානය ප.ව. 6.20 ට  සිදුවන මුත් යාපනයට හිරු බැසයාම පස්වරු ප.ව. 5.49 ට  සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 22 ක පමන කාලයක් යාපනයට දිස්වේ.

කොළඹ නගරයට  අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5:43 සිට නිරීක්ෂණය කළ හැකි අතර, උපරිම  ග්‍රහණ  අවධිය ප.ව.  5:49 ට සිදුවන අතර එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 1.6% ක් පමණ සුලු   ප්‍රමාණයක් ආවරණය කරයි. කොළඹට  හිරු බැසයාම පස්වරු ප.ව. 5:52 ට  සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 9 ක පමන කාලයක් කොළඹ ප්‍රදේශයට දිස්වේ.

ලංකාවේ  දකුණු දිග ප්‍රදේශවලට මෙම ග්‍රහණය හොඳින් දිස් නොවේ.

හිරු බැසයාමට ඉතා අසන්නේ පිහිටන  සූර්ය රශ්මිය ඉතා අඩු විටෙකදී මෙම ග්‍රහණය සිදුවන බැවින්,  සූර්ය පෙරහණක්  නොමැතිව වුවද නොමැතිව වුවද පියවි ඇසින් තත්පර 30 ක පමණ  කාලයක් එදෙස බලා සිටියාට ඇස් වලට හානියක් සිදුනොවනු ඇති  බව ද මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය. නැවතත් සූර්යග්‍රහණයක්  ලංකාවට දිස්වනුයේ වසර 5කට පසුව එනම් 2027 අගොස්තු 2 දාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...