සිංහරාජ වනයේ පාරවල් කපන්නේ නෑ

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 01:21 - {{hitsCtrl.values.hits}}  

සිංහරාජ වනාන්තරය අභ්‍යන්තරයෙන් මාර්ගයක් ඉදිකරන බවට පළවූ තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පෙරුම මහතා පැවසීය.

ලෝක උරුම සිංහරාජ වනාන්තරයට කිලෝමීටර් එකහමාරක් බාහිරින් පිහිටි රක්‍ෂිත ප්‍රදේශයේ ඇති වසර පනහක් පැරණි මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන බවත්, එහිදී ලෝක උරුම සිංහරාජයේ ජෛව විවිධත්වයට කිසිදු හානියක් නොවන බවට සහතික වන බවත් හෙතෙම පවසා සිටියේය.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකරමින් හා එහි ජෛවවිවිධත්වයට හානි කරමින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවට පසුගිය දිනවල මධ්‍ය හරහා පළවූ පුවත් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සිංහරාජ ප්‍රවේශපත්‍ර අලෙවි කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.‍ෙ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...