මුහුණු ආවරණය කළ ඇඳුම් ගැන පාසල්වලට ලිපියක්

2025 අප්‍රේල් මස 22 ප.ව. 05:58 - {{hitsCtrl.values.hits}}  

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුම් හා හිස් ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වන උපදෙස් ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වෙත නිකුත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය..

“මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා මුහුණු ආවරණය කර ගෙන ඇතැම් පුද්ගලයින් පාසලට පැමිණීම මෙන්ම සමහර ගුරුවරියන් ද මුහුණු ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීම ද හේතුවෙන් පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලු සහගත තත්ත්වයක් ඇති විය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, එවැනි සිද්ධියක දී පාසල් ප්‍රධානීන් මැදිහත් වියයුතු ආකාරය සහ පාසල්වලට ඇතුල්වීමේ දී මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් නියෝග ද ඇතුළත් විශේෂ ලිපියක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව හදිසි නීති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයන් හි දැක්වෙන නියෝගයට අනුකූලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර ඇති චිත්‍රණයක් ද සහිතව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම විශේෂ ලිපිය  අධ්‍යාපන ලේකම්වරයා පාසල් ප්‍රධානීන්ට යොමු කොට තිබේ.”

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...