ගාලු මුවදොරදී නාවික හමුදාව සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුළින් පැටවුන් පැමිණේ

2025 අප්‍රේල් මස 21 ප.ව. 06:53 - {{hitsCtrl.values.hits}}  

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම  සිදු විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද නීල හරිත ව්‍යාපෘතිය යටතේ ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීම ආරම්භ කරන ලදී.

 ඒ අනුව ඉතා දීර්ඝ කාලයක සිට එක්රැස්ව තිබූ ප්ලාස්ටික් හා පොලිතීන් වැනි අපද්‍රව්‍ය ඉවත් කර මේ වන විට ඉතා පිරිසිදු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ශණය දිනා ගැනීමට හැකි වෙරළ තීරයක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබී ඇත.

නීල හරිත ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනේ ප්‍රථිපල මල්ඵල දරමින් පසුගිය දිනක ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාවික හමුදාව විසින් කැස්බෑ බිත්තර සොයා ගන්නා ලදි.

මෙය මීට පෙර මෙම ප්‍රදේශය තුළ කිසි දිනෙක සිදු නොවූ ඉතා විරළ අත්දැකීමක් වන අතර, නාවික හමුදාධිපතිගේ සෘජු අධීක්‍ෂණය යටතේ එම බිත්තර අදාල ස්ථානයේම සංරක්‍ෂණය කිරීමට පියවර ගන්නා ලදි.

ඒ අනුව එහි සාර්ථක ප්‍රථිඵල ගෙන දෙමින් එම බිත්තර තුලින් කැස්බෑ පැටවුන් පිටතට පැමිණීම සිදු විය. මෙලෙස පිටතට පැමිණි කැස්බෑ පැටවුන් අසු තුන්දෙනෙකු (83) නාවික හමුදාධිපති විසින් 2020 පෙබරවාරි 05 වන දින සවස් කාලයේ ගාලු මුවදොර මුහුදු තීරයේදී සාගරයට මුදාහැරීමට කටයුතු කරන ලදි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...