කොරෝනා මර්දනයට සටන් වැද සිටින සියලුදෙනාට ජනපති නියමයෙන් උපහාර

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 09:57 - {{hitsCtrl.values.hits}}  

කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට සිය ජීවිත  අවදානම පවා නොසලකා දිවා රාත්‍රී නොබලා පෙරමුණ ගෙන ක්‍රියා කරන සියලුදෙනාට උපහාර පුද කෙරේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.

අභියෝගාත්මක අවස්ථාවේ දී සමස්ත රටවැසියන් තුළ ධෛර්ය වඩවාලමින් සහ ලෝකයටම ආදර්ශයක් දෙමින් වෛද්‍ය, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සියලුම ආරක්ෂක අංශ, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයට අයත් සියලු නිලධාරීහු, මාධ්‍යවේදීහු සහ තවත් සේවා  රැසක පිරිස්  ඓතිහාසික කාර්ය භාරයක නිරතව සිටිති.

මේ සියලු දෙනාට ජනතාවගේත්, රටේත් ගෞරවය මෙමගින් පිරිනැමේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...