කැප්පෙටිපොළ දිසාවේ රාජ්‍ය ද්‍රෝහියෙකු කළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට නිර්දේශ

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:59 - {{hitsCtrl.values.hits}}  

Capture1818 උඩරට කැරැල්ල මෙහෙය වූ කැප්පෙට්ටිපොළ අධිකාරම් ඇතුළු උඩරට නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිර්දේශ ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රි විසින් 1818 ජනවාරි මස 10 වැනිදා මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. කැප්පෙටිපොළ මහාධිකාරම් ඇතුළු සිංහල නායකයන් 19 දෙනෙකුගේ නම් 1818/01/10 අංක 851 දරන ලංකා ගැසට් පත්‍රයේ පළකරමින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර තිබේ.

වසර 200කට ආසන්න කාලයක් තුළ එම ගැසට් පත්‍රය අවලංගු කර නොමැති බැවින් ඉංග්‍රීසීන්ගෙන් රට බේරා ගැනීමට සටන් කළ මෙම නායකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කර ජාතික වීරවරයන් ලෙස නම් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය අවධාරණය කරයි.

කැප්පෙටිපොළ දිසාවේ, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහා බෙත්මරාලේ, කුඩා බෙත්මරාලේ, පොල්ගොල්ල මොහොට්ටාලේ, වත්තේ කැලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරෙවත්තෙ විදානේ, කිව්ලේගෙදර මොහොට්ටාලේ,  යාලගොම්මේ මොහොට්ටාලේ, උඩමාදුරේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේරාලේ, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාලේ, බුටුවේ රටේරාලේ, බගිනිගහවෙල රටේරාළ, මහාබදුල්ලේ ගම්මානේ රටේරාලේ, බුළුපිටියේ මොහොට්ටාලේ හා පල්ලේමල්හෙයායේ  ගමැතිරාලේ යන සිංහල නායකයන් මෙසේ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම්කර තිබේ.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...