7342ක් ගුරු සේවයට

2025 මාර්තු මස 31 පෙ.ව. 06:19 - {{hitsCtrl.values.hits}}  

විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරු ව 1986 වර්ෂයේ දී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යාපීඨ පද්ධතියක් බිහි කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට එවක සිදු කළ සේවාව නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විද්‍යාපීඨ ගුරුපත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී පැවති  වැඩසටහනට එක් වෙමිනි. එහි දී බස්නාහිර පළාත් හා ජාතික පාසල්වලට අදාළ ගුරු පත්වීම් 2355ක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඉතිරි විද්‍යාපීඨ පත්වීම් ප්‍රදානය කිරීම ද ඊට සමගාමී ව පළාත් පළාත් 8ක සිදු විය.

ඉදිරියේ දී මෙම විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිව් වසරක් දක්වා දීර්ඝ කර උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන අතර දැනට ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

ඒ සඳහා මීපේ පිහිටුවා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය මගින් ඉදිරියේ දී ලබා දෙන පශ්චාද් උපාධි පාඨමාලා උපස්ථම්භක වන බවත් ජාතික අධ්‍යාපන ආයතනය හා ගුරු අභ්‍යාස විද්‍යාල වැනි අදාළ ආයතන සමග එක් ව එම වැඩසටහන් සංවිධානය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...