2024 නොවැම්බර් මස 18 පෙ.ව. 12:30 - {{hitsCtrl.values.hits}}
මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ14හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරීපත්වීම නිමිත්තෙන්
විශේෂ උත්සවයක් එම විද්‍යාලයේදි පවත්වනු ලැබීය.
දෙවුම් සිසුවා විශ්ව විද්‍යාලයට වරම් ලැබූ ලාබාලම සිසුවාද වේ. දෙවුම් සනහස් රණසිංහ සිසුවා පසුගිය 2020 වසරේ පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතරේ අ.පො.ස. සාමන්‍ය පෙළ විභායට පෙනී සිටිමින් සිංහල භාෂාව, බුද්ධ ධර්මය, ඉංග්‍රීසි භාෂාව, සෞඛ්‍ය ය, නාට්‍ය හා රංගකලාව හා ඉතිහාසය යන විෂයන් 06ට Aසාමාර්ථද, ගණිතය හා විද්‍යාව යන විෂයන් 02ට B සාමාර්ථ හා වාණිජවිෂයට C සාමාර්ථය ද ඇතිව සාමන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් විය.
අනතුරුව2021 වසරේදී ඔහු 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළවිභාගයට පෙනී සිටිමින් ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධයයනය යන විෂයන් තුනට B සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වී ඇත.මේ අනුව දෙවුම් සනහස් රණසිංහ සිසුවා මෙවර ශ්රීය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රිඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා තේරී පත් වී තිබේ.
දෙවුම් සනහස් රණසිංහ සිසුවා ගම්පහ දිස්ත්‍රික් වයස අවුරුදු 15න් ක්‍රිකට් පහළ කණ්ඩායමද නියෝජනය කර තිබේ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |