2024 නොවැම්බර් මස 19 පෙ.ව. 04:00 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ පැවැත්විමට නියමිත තර්ජනයට ලක්වු ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර්ජාතික වෙළහෙළදාම පිළිබඳ සයිටීස් සම්මුළුව නිම්තතෙන් ස්පියර්ස් පදනම, ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය, බටහිර කොළඹ රොටරි සමාජය, විජය පුවත්පතේ සහයෝගයෙන් පවත්වනු ලැබූ සොබා දහම උදෙසා ළමා චිත්‍ර තරගයේ ත්‍යාග ප්රදානය හා ප්‍රදර්ශනය පෙබරවාරි 26 කොළඹ 07, හොර්ටොන් පෙදෙස පෙරේරා කලාගාරයේදී සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. ප්‍රදර්ශනය මාර්තු 02 වැනිදා දක්වා පැවැත්විණ. මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය රුඩි රුද්‍රන්, සමන්ත ගුණ සේකර, රොහිනා මැකන්, ආචාර්ය සෙව්වන්දි ජයකොඩි යන මහත්ම මහත්මීන් ඇතුළු පාරිසරික විද්වතුන් රැසක් එක් වූහ.
තරඟය සඳහා ඉදිරිපත් කරන ලද චිත්‍ර අතරින් තෝරාගත් චිත්‍ර 300ක් පමණ නැරඹීමට, ප්‍රවීන සිත්තරුන් සමග චිත්‍ර ඇඳීමට, විවිධ පක්ෂීන්, සමනලුන් සහ බත්කුරන් විශේෂ ගැන ඉගෙන ගැනිමට, පරිසරය පිළිබඳ දරුවන්ගේ අදහස් ප්‍රකාශ කරන වාර්තා වැඩසටහන් නැරඹීමට, පරිසරය පිළිඹඳ පොත් පත් මිලදී ගැනීමට, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පරිසර හිතකාමීන් සමග කතා බහ කිරීමට සහ සහ වෙනත් ක්‍රියාකාරකම් රැසක් පැවැත්විණ. මාර්තු මස 2 වැනිදා ජයග්රාහි සිත්තරුන් හට ත්‍යාග සහා සහතික ප්‍රධාන කෙරිණ.
සැබැඳි පුවත්
සොබා දහම උදෙසා චිත්‍ර ත්‍යාග ප්රදානය හා ප්‍රදර්ශනය 26 සිට මර්තු 01 වැන්දා දක්වා ජේ. ඩි.ඒ.පෙරේරා කලා ගාරයේදීA Children’s Art Exhibitionthat Targets an Issue of Global Concern
CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගයේ ජයග්රහකයෝ
ඡායාරූප - ජගත් ධර්මකීර්ති I රුෂිරු තරංග
ප්‍රදර්ශනය ආරම්භක දින දා...
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |