Kide-2017 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් 13ක්

2025 ජනවාරි මස 11 පෙ.ව. 04:24 - {{hitsCtrl.values.hits}}  

ලෝක නව නිපැයුම් බුද්ධිමය දේපොළ සංවිධානය විසින් සංවිධානය කරන ලද Kide-2017 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් රන් පදක්කම් 05ක්, රීදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගෙන ඇතැයි විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ ප්‍රදර්ශනය සඳහා රටවල් 26ක් නියෝජනය කරමින් නව නිපැයුම්කරුවන් 399 දෙනෙකු සහභාගි වී සිටි බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම ප්‍රදර්ශනයේදී හොඳම අන්තර්ජාතික යොවුන් නව නිපැයුම්කරු සඳහාවන KIDE-2017 සම්මානය ජීවඅඟුරු සහ ස්ලාස්ටික් මිශ්‍රනය නමැති නව නිපැයුම ඉදිරිපත් කළ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ළහිරු කාවින්ද ශිෂ්‍යයාසහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ අයේෂා දේවින්ද ශිෂ්‍යාව විසින් දිනාගෙන ඇත.

මීට අමතරව මෙම ශිෂ්‍යා සහ ශිෂ්‍යාව සුර ශාක විස, සත්ත්ව විෂ සහ ශාක හඳුනාගැනීමේ නාමකරණ පද්ධතිය සකස් කිරීම වෙනුවෙන් රන් සම්මානයක් නායයෑම වළක්වන ජීව ඉන්ධන අමුද්‍රව්‍ය සපයන ජීව වැට නමැති  ව්‍යාපෘතිය වෙනුවෙන් රිදී පදක්කමක් මාර්ග හා පරිසරනීති ක්‍රියාත්මක කිරීමට උපකාරීවන බහුකාර්ය තත්ත්ව පරීක්ෂණ උපකරණය සකස් කිරීම වෙනුවෙන් රීදී පදක්කමක්, සෞඛ්‍ය අවදානම පෙර දැනුම්දීමේ පද්ධතිය සකස් කිරීම වෙනුවෙන්ද මෙම දෙදෙනා ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබේ.

මීට අමතරව මාතලේ හින්දු ජාතික පාසලේ විජේකුමාර් කෙශාන් කුමාර, විජේකුමාර් විජිත්කුමාර් කැමරා සවිකරන ලද අඹ කඩන උපකරණය සකස් කිරීම වෙනුවෙන් රන් පදක්කම සහ ක්‍රොඒෂියානු විශේෂ සම්මානයත්,කොළඹ මියුසියස් විද්‍යාලයේ කිවින්යා රවින්දි ප්‍රේමරත්න දෙමුහුන් ගෑස් කුකරය සකස් කිරීම වෙනුවෙන් රන් පදක්කම හා මැකාඕ රාජ්‍ය‘යේ විශ්ෂ සම්මානයත්,ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ එල්.ඊ.කේ.එම්. රත්නවීර ද්විකාර්ය දොර අගුල සකස් කිරීම වෙනුවෙන් රන් පදක්කමත්,කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ ආර්.සදලු රංසික සෙනෙවිරත්න මෝටර් සයිකල් සඳහා ස්වයංක්‍රීය පැති ආධාරකය සකස් කිරීම වෙනුවෙන් රීදී පදක්කම සහ ඉන්දුනීසියානු විශේෂ සම්මානයත්,ගම්පහ යශෝදරා දේවි බාලිකා මහා විද්‍යාලයේ කාවින්දි හිරුණි අධිකාරී සහ කේ.ජී. සචින්තා සරින්දි ගංවතුර දොර ආවරණය සකස් කිරීම වෙනුවෙන් රිදී පදක්කමත්,කැලණිය ගුරුකුල විද්‍යාලයේ ජේ.ඩබ්.නිමිත් නවෝද්‍ය රෝල්ස් සාදන යන්ත්‍රය සෑදීම වෙනුවෙන් රිදී පදක්කමත් හිමි කරගත්හ.

එමෙන්ම මහියංගණය,ඔරුබැදි වැව ද්විතියික පාසලේ ඩී.එම්.ඒ. සඳහාල් දිසානායක සහ බී.ඩබ්.එම්.ඩී. ලක්මාල් වික්‍රමසිංහ බස් රථ පාපුවරු ආරක්ෂකය සකස් කිරීම වෙනුවෙන් රිදී පදක්කමත්,මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ වී.විශාන්තන් විසින් සනීපාරක්ෂකව මුත්‍රා කිරීමට අදාළ සරල උපකරණය සඳහා ලෝකඩ පදක්කමත් දිනාගන්නා ලදී.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...