Semi Bus නැවැත්වීම ගැන අවසන් තීරණය සතියකින්

2025 අප්‍රේල් මස 21 ප.ව. 11:30 - {{hitsCtrl.values.hits}}  

Semi Luxury හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් ලේබලය සහිතව ධාවනය කරන බස්රථ අහෝසි කිරීමට විරුද්ධව පිළිගත කරුණු හැකිනම් එම නියෝජිතයන් සතියක් තුළ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කර තිබේ.

එම නියෝජිතයන් හා  පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඊයේ (01දා) මේ බව සඳහන් කර තිබේ.

මේ පිළබඳව ජාතික ගමනාගමන කොමිසම විසින් මඟීන් දස දහසක් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකර ඇති අතර මෙම සමීක්ෂණයට සහභාගී වු මගී ජනතාවගෙන් 68%ක්ම ප්‍රකාශ කර ඇත්තේ, මෙම සේවාව තව දුරටත් අවශ්‍ය නැති බවයි. මගී ජනතාවගෙන් 8% ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් බස් රථයට ගොඩවී ඇත්තේ එම බසය අර්ධ සුඛෝපභෝගී බසයක් බව නොදැන බවයි.

ඊයේ පැවැති සාකච්ඡාවකට එක්වූ නියෝජිතයන් පිරිස සඳහන් කර ඇත්තේ "අර්ධ සුඛෝපභෝගී" නාමය "සීඝ්‍රගාමී සිමීත නැවතුම් " ලෙස වෙනස් කර ධාවනයට ඉඩ සලසන ලෙසයි.

එසේ වුවද අමාත්‍යවරයා පැහැදිලි කළේ, නම වෙනස් වුවද අයකරන මුදල වෙනස් නොවන නිසා එම තීරණයට එකඟ විය නොහැකි බවයි. අර්ධ සුඛෝපභෝගී සේවාව ක්‍රියාත්මක වන්නේ නම් ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසම විසින් නියෝග කර තිබෙන පහසුකම් වන, ආසන ප්‍රමාණයට පමණක් මගී ජනතාව ඇතුළත් කරගැනීම, ආසනවල හිස පහසුවෙන් තබාගත හැකි වන පරිදි පහසුකම් සැලසීම සහ සිමීත නැවතුම්පලවල පමණක් නවත්වා ධාවනය කිරීම කළ යුතු බවයි.

එහෙත් එම බස්රථ නියෝජිතයින් ඒ සම්බන්ධව තම ස්ථාවරය ප්‍රකාශ නොකළ අතර ඔවුන් කියා සිටියේ තම ව්‍යාපාරය කඩා වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාමට ඉඩදෙන ලෙසයි.

කිසිදු ප්‍රවාහන සේවාවක් අඩාල කිරීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බවත්, හුදෙක් මගී ජනතාව විසින් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධව ප්‍රකාශ කර තිබෙන්නේ එම සේවාව තවදුරටත් අවශ්‍ය නැති බව වන නිසා, ඒ කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවයි. ‍

කෙසේවුවද අමාත්‍යාංශය මේ කාරණය සම්බන්ධව පැහැදිලි මතයක සිටින බවත්, කිසිදු පහසුකමක් නොදී මහජනතාව ගසා කෑමට ඉඩදිය නොහැකි බැවින් මේ සම්බන්ධව පිළිගත හැකි කරුණු ඇත්නම් ඒවා සතියක් තුළ ජාතික ගමනාගමන කොමිසමට දැනුම් දෙන ලෙසත් ඇමතිවරයා නියෝජිතයින්ට ප්‍රකාශ කළේය.

ඒ අනුව සතියකින් අනතුරුව අර්ධ සුඛෝපභෝගී සේවාව පවත්වා ගෙන යාම පිළිබඳව අවසන් තීන්දුව ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...