2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:34 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන පද්ධතියට නිලධාරීන් හා ගුරුවරුන් ලෙස හෙට (3)සිට අලුතින් 1875 ක් එක්වෙයි.අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිඛිත විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගත් මොවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
මෙහිදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියට සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත බඳවා ගත් නිලධාරීන් 60 දෙනෙකුට පත්වීම් ලබා දීමට නියමිතය.
ඊට අමතරව ජාතික පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා ගුරු සේවයට බඳවාගත් ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 109 කටද ජාතික පාසල්වල උසස් පෙළ ගණිතය,විද්‍යාව,තාක්ෂණවේදය,විදේශ භාෂා ,ඉංග්‍රීසි සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහාවූ විෂයන් ඉගැන්වීමට බඳවාගත් උපාධිධාරීන් 1706 කට ද මෙහිදී පත්වීම් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |